මේ වන විට දුම්රියෙන් ගමන් ගන්නා මඟීන්ගේ ප්‍රමාණය 20%කින් පමණ ඉහළ ගොස් ඇතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමේ ඉහළ යාමක් පෙන්නුම් නොකෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.ඒ අද(15) පැවැති මාධ්‍ය හමුවක දීය.එමෙන්ම දැනට පවතින ඉන්ධන මිල යටතේ දුම්රිය ගමන් ගාස්තු ඉහළ දැමීමකින් තොරව දුම්රිය ධාවනය කරවීම දෙපාර්තමේන්තුවට දරා ගත නොහැකි පාඩු ගෙන දෙන්නක් බව පැවසූ සාමාන්‍යාධිකාරී වරයා එවන් තත්වයක් යටතේ ප්‍රධාන සහ කැලණි වැලි මාර්ග වල දුම්රිය ධාවන වාර කිහිපයක් වැඩි කොට ඇති බව ද කීය.