දුම්රිය රියැදුරු වර්ජනය නිමයි; දුම්රිය අධිකාරියටත් “සිග්නල් වැටෙයි”

දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයත් සමඟ අඩාලව පැවැති දුම්රිය සේවය මේ වන විට ‍යථාවත් කොට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.එම වර්ජනය ඊයේ (13) රාත්‍රී එම සංගමය කළ විශේෂ සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.එමෙන්ම මේ වන විට දුම්රිය සේවය සම්බන්ධයෙන් පවත්නා අර්බුදකාරී තත්වය හේතු කොට ගෙන එය මේ වන විට පවත්නා දෙපාර්තමේන්තු ව්‍යුහයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විවෘත සමාජ කතිකාවක් සිදුවෙමින් පවතී.ඉන් ඇතැමකු පවසනුයේ එය ශ්‍රී ලංකා දුම් රිය අධිකාරිය ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බවකි.

කාලීන පුවත්