මේ වන විට පැවැත්වෙන දුම් රිය රියැදුරු වර්ජනය ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම පිණිස පුද්ගලයන් 21 දෙනකු විසින් චේතනාත්මකව සිදුකරන්නක් බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධ විමර්ශනයක් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අදාළ පැමිණිල්ල සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යාංශ උසස් නිලධාරීයෙක් පැවසීය.ඒ අතර දිවයින පුරා ඇති ලංගම ඩිපෝ කාර්යාල 107ම ඩිපෝ කළමනාකරුවන්ට බස් රථ උපරිමයෙන් යොදවා මගීන්ගේ ගමන් පහසුව සලසා දෙන ලෙසට දැනුම් දුන් බවද ලංගම සභාපති ලලිත් ද සිල්වා මහතා කීය.ඒ අනුව මුහුදුබඩ මාර්ගය, පුත්තලම් මාර්ගය, පොල්ගහවෙල මාර්ගය, කැලණිවැලි මාර්ගය, හලාවත මාර්ගය යන ප්‍රදේශවලට බස් රථ අවශ්‍යතාවය පරිදි උපරිමයෙන් ලංගම බස් රථ යොදවන බවද හෙතෙම පැවසීය. දුම්රිය වැඩවර්ජනය තව දුරටත් පැවතියත් මගීන් අපහසුතාවට පත් නොවනු පිණිස පෞද්ගලික බස් රථ ද අද උපරිමයෙන් ධාවනයට යොමු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද කීය