දුම්රි‍ය වල ගැටී වන අලි සම්පත වැනසී යාම වලක්වන්නම බැරි ද?

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක, මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර අලුයම් කාලයේ දී වන අලි රංචුවක් ගැටීමෙන් පසුගිය 18 වැනිදා මහත් ඛේදනීය අනතුරක් සිදුවිය. මෙහිදී වන අලි කිහිප දෙනෙක් මරණයට පත් වූ අතර දුම්රිය පීලි පැනීමකට ලක් වී තෙල් ප්‍රවාහන ටැංකි පෙරළී තෙල් කාන්දුවීමක් ද සිදු විය. මේ එක් ටැංකියක ධාරිතාව ලීටර් 50,000 ක් වන අතර එවැනි ටැංකි කිහිපයක්ම මේ අනතුර නිසා අලාභ හානියට පත්ව තිබේ. මේ ප්‍රදේශය හරහා දුම්රිය ගමන් කළ යුතු උපරිම වේගය පැයට කිලෝමීටර් 20 වුව ද මෙය එයට වඩා වේයෙන් ධාවනය වී ඇති බව වන ජීවී නිලධාරීහු පවසති. මේ ප්‍රදේශයේ නිතර වන අලි රංචු ගැවසෙන බවට දුම්රිය රියදුරන් දැනුවත් කොට තිබුණ ද තවමත් අනතුරු වළක්වා ගැනීම සඳහා ඵලදායී පියවරක් ගැනීමට හැකියාව ලැබී නැති බව ද ඔවුහු පවසති. මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරන්න ද නියමිතය.

කිසිදු දුම්රිය රියදුරකු හිතාමතා, කැමැත්තකින් අලින්ව අනතුරකට පත් කරමින් දුම්රිය ධාවනය කරවන්නේ යැයි සිතිය නොහැකිය. මේ අනතුරට අදාළ දුම්රිය පිළිබඳ සලකා බැලුවහොත් මෙහි ප්‍රවාහනය කෙරී ඇත්තේ ඉන්ධන වන අතර එවැනි දුම්රිය ඉතා අධික වේගයකින් ධාවනය කරවන්නේ නැත. අනෙක දුම්රිය රියදුරකු යනු අප දකින අනෙකුත් වාහනවල රියදුරන් මෙන් නොව මනා පුහුණුවකින් යුක්තව පළපුරුද්ද මත ඉහළට ශ්‍රේණිගත වන වෘත්තියකි. එබැවින් ඔවුන් අතින් නොසැලකිල්ල හා අධික වේගය නිසා අනතුර සිදුවීම යන චෝදනාව එල්ල කිරීම ප්‍රායෝගික කාරණයක් නොව බව ද සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් නිතරම පාහේ සිදුවන මෙම අලි – දුම්රිය ඝට්ටන සඳහා නිතර නැගෙන චෝදනාවක් වන අධික වේගයෙන් දුම්රිය ධාවනය යන කාරණය එතරම් වලංගු කාරණයක් නොවන බව සඳහන් කළ යුතුව තිබේ. දුම්රියක් යනු අප සාමාන්‍යයෙන් දකින බස් රථයක්, ලොරි රථයක් වැනි වාහනයක් නොවේ. දුම්රියක් යනු බහු විධ ඒකක ප්‍රවාහන මාධ්‍යයක් ලෙස හඳුන්වනු ලබන්නකි. ඒ නිසාම සාමාන්‍ය වාහනයක් හා සමානව මෙය අවශ්‍ය ඕනෑම තැනක ඕනෑම මොහොතක නැවැත්වීමට හැක්කක් ද නොවේ. දුම්රිය ධාවනයට ප්‍රමුඛත්වය ලබා දී අනෙක් වාහන නවතනු ලබන්නේ ද මේ හේතුව නිසාය. කොළඹ – ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය ඉදිකරනු ලැබූ ඉංග්‍රීසි පාලන සමයේ හඳුන්වනු ලැබුවේ ‘ඔටු මොල්ලි’ (Camel hump) දුම්රිය මාර්ගයක්, එනම් පල්ලම් සහ කඳු නිතරම පාහේ හමු වන මාර්ගයක් ලෙසිනි. මේ හේතුව නිසා අනවශ්‍ය පරිදි අඩු වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් ද නැත. මන්ද පල්ලමක අඩු වේගයකින් ගමන් කළ හොත්, ඊළඟ අවස්ථාවේ දී පසු කරන්නට නියමිත කන්ද තරණය කිරීම සඳහා අවශ්‍ය කරන ජවය දුම්රියට අහිමි වන බැවිනි. එබැවින් දුම්රියකට අදාළව අනවශ්‍ය පරිදි වේග සීමා පැනවීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. කිසිදු දුම්රිය රියදුරකු හිතාමතා, කැමැත්තකින් අලින්ව අනතුරකට පත් කරමින් දුම්රිය ධාවනය කරවන්නේ යැයි සිතිය නොහැකිය. මේ අනතුරට අදාළ දුම්රිය පිළිබඳ සලකා බැලුවහොත් මෙහි ප්‍රවාහනය කෙරී ඇත්තේ ඉන්ධන වන අතර එවැනි දුම්රිය ඉතා අධික වේගයකින් ධාවනය කරවන්නේ නැත. අනෙක දුම්රිය රියදුරකු යනු අප දකින අනෙකුත් වාහනවල රියදුරන් මෙන් නොව මනා පුහුණුවකින් යුක්තව පළපුරුද්ද මත ඉහළට ශ්‍රේණිගත වන වෘත්තියකි. එබැවින් ඔවුන් අතින් නොසැලකිල්ල හා අධික වේගය නිසා අනතුර සිදුවීම යන චෝදනාව එල්ල කිරීම ප්‍රායෝගික කාරණයක් නොව බව ද සඳහන් කළ යුතුය.

GPS පද්ධති ඔස්සේ අලි – දුම්රිය ඝට්ටනයන් වළක්වා ගැනීම ක්‍රියාත්මක වන ආකාරය

මේ සිදුවීම හා සමානව අලි – දුම්රිය ඝට්ටනයන්, විශේෂයෙන්, විශාල අලි ගහනයක් ජීවත් වන වනාන්තර ප්‍රදේශ හරහා දුම්රිය මාර්ග ඇදී යන රටවල් කිහිපයකම තැතිගන්වන සුළු ගැටලුවක් බවට පත්ව තිබේ. මේ ඝට්ටනයන් නිසා වන ජීවයට ඛේදනීය පාඩුවක් වනවා සේම ඉදිකිරීම්, දුම්රිය සහ ඇතැම් අවස්ථාවල ද මිනිස් ජීවිත අහිමි වීම් වැනි හානි ද සිදු වේ. මෑත වකවානුවේ දී මේ තත්ත්වයේ ශීඝ්‍ර ඉහළ යාම නිසා මේ ගැටලුව විසඳා ගැනීම සඳහා නවෝත්පාදනීය විසඳුම් කෙරෙහි ලොව පුරා රජයයන් යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, කෙන්යාව සහ අග්නිදිග ආසියාවේ ඇතැම් කලාපවල දුම්රිය මාර්ග ආශ්‍රිතව වන අලි ගහනයක් බහුලව දැකිය හැකිය. ඉන්දියාවේ පමණක් වන අලි ගහනය 27,000 ක් පමණ වන අතර එරට පරිසර අමාත්‍යංශය සඳහන් කරන පරිදි 2009 සහ 2019 අතර දුම්රියේ ඝට්ටනය වීම නිසා මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 200 ඉක්මවයි. මෙයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගෙන බැලුවහොත් 2010 සිට අද දක්වා දුම්රියේ ඝට්ටනය වීමෙන් මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 400 කට වැඩි බව පැවසේ. සාම්ප්‍රදායිකව අලිමංකඩ හරහා දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේ දී මෙවැනිම ගැටලුවලට තායිලන්තය සහ කෙන්යාව ද මුහුණ දී තිබේ.

චලන සංවේදක තාක්ෂණය යොදා ගන්නා අවස්ථාවක්

වන අලි රංචු ආහාර සහ ජලය සොයා ඔවුන්ට හුරු පුරුදු සංක්‍රමණික මාර්ග ඔස්සේ ගමන් කිරීමේ දී දුම්රිය මාර්ග හරහා ගමන් කරන්නට සිදුවුවහොත් මෙවැනි අනතුරකට ලක් වන්නට ඇති ඉඩ කඩ ඉතා ඉහළය. වනාන්තර ප්‍රදේශ මැදින් ඉදිරියට ඇදෙද්දී අලින්ගේ සංක්‍රමණික ගමන් මාර්ග දෙකට බෙදී යන අවස්ථාවන් හිදී, එවැනි ස්ථාන වන අලිනට මර උගුල් බවට පත් වේ. දුම්රිය අධික වේගයකින් ගමන් කළ හොත් තත්ත්වය තවත් බරපතළ වන අතර දුම්රියේ ස්වභාවය අනුව ඇතැම් ප්‍රදේශවල දී සැලකිය යුතු වේගයක් පවත්වාගෙන නොයා ම ගැටලුවක් බවට පත් විය හැකිය. වන අලි අහිමි වීම වන සංරක්ෂණ කටයුතුවලදී මුහුණ දෙන ඛේදනීය සිදුවීමක් පමණක් නොව එය ප්‍රාදේශීය පරිසර පද්ධතිය කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් එල්ල කරයි. මන්ද වනාන්තර වාස භූමි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන අලි තීරණාත්මක භූමිකාවක් සිදු කරන බැවිනි.

මඩකලපුව මාර්ගයේ සිදු වූ දුම්රිය අනතුර

අපට මේ සම්බන්ධව රටවල් වෙන් වශයෙන් ගෙන සාකච්ඡාවට බඳුන් කළ හැකිය.

මුලින්ම ඉන්දියාව සැලකිල්ලට ගතහොත් ලොව වැඩිම අලි ගහනයක් සිටින රට වන්නේ එයය. අලි – දුම්රිය ඝට්ටනයන්ගේ බොහෝ බරපතළම සිදුවීම් වාර්තා වන එක් රටක් ලෙස ඉන්දියාව ප්‍රකටය. බටහිර බෙංගාලය, ඇසෑමය සහ තමිල්නාඩුව මේ සිදුවීම් බහුලව සිදුවන කලාප ලෙස හඳුනාගෙන තිබේ. බටහිර බෙංගාලයේ උතුරට වන්නට ඉන්දියාව සහ භූතානය අතර අලි සංක්‍රමණය වන මංකඩ පිහිටා තිබේ. එම ප්‍රදේශයේ අධික අලි ගහනයක් ගැවසෙන බැවින් අනතුරු සංඛ්‍යාව ද ඉතා ඉහළය.

ආසියානු අලින්ට නිවහන වූ ශ්‍රී ලංකාව ද දීර්ඝ කාලයක් තිස්සේ අලි – දුම්රිය ගැටීම් සම්බන්ධව සිදුවීම් වාර්තා වන රටක් බවට පත්ව තිබේ. දිනෙන් දින වැඩි වන මානව ජනගහනය සහ වන අලින්ගේ ස්වාභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ වැටී ඇති දුම්රිය මාර්ග පද්ධතිය වැනි කාරණා මේ ගැටලුව තවත් උග්‍ර කරන්නට හේතු වී තිබේ. පසුගිය දා අනතුර සිදුවුණු කොළඹ – මඩකලපුව මාර්ගය අධික වන අලි ගහනයක් සිටින වනාන්තර ප්‍රදේශයක් හරහා වැටී තිබෙන අතර මෙය අනතුරු බහුල වීමට හේතුවක් වී ඇත.

මඩකලපුව මාර්ගයේ සිදු වූ දුම්රිය අනතුර

ඉතා ඉහළ අප්‍රිකානු අලි ගහනයක් වෙසෙන කෙන්යාව ද අලි – දුම්රිය ඝට්ටනය නිසා ගැටලුවලට මුහුණ දී තිබෙන රටකි. එරට නයිරෝබි සිට මොම්බාසා දක්වා දිවෙන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ සාවෝ ජාතික වනෝද්‍යානය හරහා වන අතර, එම කලාපය තුළ ඉතා අධික අලි ගහනයක් ජීවත් වන ප්‍රදේශයකි. ඔවුන් දුම්රිය මාර්ග තැනීමේ දී වන සතුන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගයට යටින් උමං මාර්ග ඉදි කරන්නට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළුව ඉහතින් සඳහන් කළ සෑම රටකම අලි – දුම්රිය ඝට්ටනයන් වළක්වා ගැනීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කොට තිබේ. ඒවා උසස් තාක්ෂණයෙන් යුක්ත අනතුරු ඇඟවීමේ පද්ධති සහ වේග සීමා පැනවීම මෙන්ම වන සතුන් සඳහා නව සංක්‍රමණ මාර්ග ඇති කිරීම වැනි බිම් මට්ටමේ විසඳුම් ද ඇතුළත් වේ.

මඩකලපුව මාර්ගයේ සිදු වූ දුම්රිය අනතුර

අලි – දුම්රිය ඝට්ටනයන් වළක්වා ගැනීම සඳහා නවෝත්පාදනීය තාක්ෂණයන් භාවිත කිරීමේ මූලිකත්වය ගෙන ක්‍රියා කරන රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. ඒ අතරින් ඉතාමත් සාර්ථක උපක්‍රමයක් වන්නේ ‘අලි අනතුරු ඇඟවීමේ පද්ධති’ (elephant warning systems) ඇති කිරීමය. මේ ක්‍රමයේ දී තාප කැමරා (thermal cameras) සහ චලන සංවේදක දුම්රිය මාර්ග ආසන්නව අලි බහුලව ගැවසෙන කලාපවල ස්ථාපිත කොට තිබේ. එමගින් එම කලාපය තුළ අලි ගැවසෙන්නේ ද යන්න නිරීක්ෂණයට ලක් කෙරෙන අතර එයින් ලබා ගන්නා දත්ත කෙළින්ම දුම්රිය රියදුරන් වෙත සම්ප්‍රේෂණය කෙරේ. දුම්රිය මාර්ගය ආසන්නයේ අලියකු හෝ අලි රංචුවක් හෝ ගැවසෙන බවට මේ පද්ධතියට නිරීක්ෂණය වුවහොත්, දුම්රිය නැවැත්වීම හෝ වේගය අඩු කිරීම හෝ සිදු කොට සිදුවිය හැකි ඝට්ටනයක් වළක්වා ගැනීමට කටයුතු කෙරේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන තවත් උපක්‍රමයක් වන්නේ අලි සංක්‍රමණ මංකඩ පවතින්නේ යැයි හඳුනාගත් ප්‍රදේශවල වේග සීමාවන් පැනවීමය. අලින්ගේ ගමන් බිමන ඉතා බහුලව සිදුවන අවස්ථාවන් කලින්ම හඳුනාගෙන ඇති අතර එවැනි කාල සීමාවන්වලදී දුම්රිය ගමන් කිරීමේ වේගය පැයට කිලෝ මීටර් 25 ක් දක්වා අඩු කරනු ලබයි.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන තවත් උපක්‍රමයක් වන්නේ අලි සංක්‍රමණ මංකඩ පවතින්නේ යැයි හඳුනාගත් ප්‍රදේශවල වේග සීමාවන් පැනවීමය. අලින්ගේ ගමන් බිමන ඉතා බහුලව සිදුවන අවස්ථාවන් කලින්ම හඳුනාගෙන ඇති අතර එවැනි කාල සීමාවන්වලදී දුම්රිය ගමන් කිරීමේ වේගය පැයට කිලෝ මීටර් 25 ක් දක්වා අඩු කරනු ලබයි. එමෙන්ම වන ජීවී නිලධාරීන් හා එක්ව ඔවුන්ගෙන් ලබා ගන්නා තොරතුරු දුම්රිය රියදුරන් කරා සම්ප්‍රේෂණය කරවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර එම තොරතුරු පාදක කර ගනිමින් වඩාත් විමසිලිමත් ලෙස දුම්රිය ධාවනය කරන්නට රියදුරන්ට එහිදී අවස්ථාව ලැබේ.

මඩකලපුව මාර්ගයේ සිදු වූ දුම්රිය අනතුර

ශ්‍රී ලංකාවේ තාක්ෂණික මැදිහත් වීම් සහ ප්‍රජා මූලික වැඩසටහන් ඔස්සේ අලි – දුම්රිය ඝට්ටනයන් අවම කර ගැනීම සඳහා උපක්‍රම ක්‍රියාත්මක කෙරේ. ජාත්‍යන්තර සංරක්ෂණ සංවිධාන සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වෙමින් අලින්ගේ සංක්‍රමණික මාර්ග සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම ප්‍රදේශ ඔස්සේ දුම්රිය ගමන් කිරීමේ දී විමසිලිමත්මට දුම්රිය රියදුරන්ට එහිදී හැකියාව ලැබේ. අධික අනතුරුදායී යැයි හඳුනාගෙන ඇති කලාපවල වේග සීමා පැනවීම් මගින් ද සිදුවිය හැකි අනතුරු අවම කරගන්නට උත්සාහ දරයි.

අලින්ට සම්බන්ධ කරනු ලැබූ ස්ථානය සොයා ගැනීමේ තාක්ෂණික උපකරණ (GPS tracking devices) වැනි තාක්ෂණික නවෝත්පාදනයන් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය. ඒවා ඔස්සේ දුම්රිය මාර්ග ආසන්නයේ අලි ගැවසෙන්නේ ද යන්න තථ්‍ය කාලීනව (real-time) හඳුනා ගැනීමට හැකියාව පවතින අතර එමගින් ද අලි – දුම්රිය ඝට්ටනයක් අවම කර ගත හැකි වේ. යම් නිශ්චිත කලාප තුළ මේ පද්ධතිය ස්ථාපිත කිරීම තුළින් ඉතා ඉහළ ඵලදායිතාවක් අපේක්ෂා කළ හැකි නමුත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක වන බව නම් පෙනෙන්නට නැත.

මඩකලපුව මාර්ගයේ සිදු වූ දුම්රිය අනතුර

ඉන්දියාවේ හා සමාන අලි අනතුරු ඇඟවීමේ පද්ධති ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලමින් පවතී. අලි බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලින් දුම්රිය මාර්ගය ඉවතට ගැනීම පිළිබඳව ද යම් යම් සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තා වේ. නමුත් ඒ සඳහා ඉමහත් ධනස්තක්ධයක් වැය කළ යුතුව තිබෙන බැවින් එහි ප්‍රායෝගිකත්වය කොතෙක්දැයි පැවසිය නොහැකිය.

එමෙන්ම කෙන්යාවේ මෙන් ශ්‍රී ලංකාවේ ද වන සතුන්ට ගමන් කළ හැකි පරිදි උමං මාර්ග ඉදිකිරීම පිළිබඳ උනන්දුවක් දක්වා ඇති අතර මේ වන විටත් අඹන්පොල සහ ගල්ගමුව අතර එවැන්නක් ඉදිවී තිබේ. නමුත් එහි සාර්ථකත්වය පිළිබඳ මෙතෙක් ඇගයීම් වාර්තා ලැබී නොමැත.

කෙන්යාවේ ක්‍රියාත්මකවන වන ජීවී උමං පද්ධති

කෙන්යාව ගෙන බැලුවහොත් පෙර තැනක සඳහන් කළා සේ ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රියාමාර්ගය වී ඇත්තේ තැනින් තැන වන ජීවී උමං මාර්ග පද්ධති ඇති කිරීමය. කෙන්යාවේ නම් මේ පද්ධති තුළින් යම් ප්‍රගතියක් අත් වී තිබෙන බැව් වාර්තා වේ. එමෙන්ම කෙන්යාව තුළ ප්‍රාදේශීය ප්‍රජාවගේ සහයෝගය ද අලි – දුම්රිය ඝට්ටනයන් අවම කිරීම සඳහා යොදා ගැනේ.

ඉන්දියාව අලි අනතුරු ඇඟවීමේ පද්ධති, ශ්‍රී ලංකාවේ GPS පද්ධති, කෙන්යාවේ වන ජීවී උමං පද්ධති ආදී වශයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබමින් පවතී. නමුත් මේ ආකාරයෙන් විවිධ උපක්‍රම හඳුන්වා දෙනු ලැබුව ද ඒවා ක්‍රියාත්මක කිරීමේ ගැටලු, ක්‍රියාත්මක කරන්නන්ගේ උනන්දුව ආදී කාරණා නිසා මේ ගැටලුව සහමුලින් නවතාලීම සඳහා තව බොහෝ කාලයක් ගත වනු ඇතැයි දිනෙන් දින අඩුවක් නොමැතිව සිදුවන අලි – දුම්රිය ඝට්ටනයන් තුළින් පැහැදිලි වේ.

කෙන්යාවේ ක්‍රියාත්මකවන වන ජීවී උමං පද්ධති

අලි – දුම්රිය ඝට්ටනය වනජීවී සංරක්ෂණය ක්‍රියාවලිය තුළ ප්‍රධාන පෙළේ ගැටලුවක් බවට පත්ව තිබෙන බව දැන් පැහැදිලිය. එය අලි ගහනය කෙරෙහි මෙන්ම දුම්රියවලට සහ දුම්රිය මාර්ගයන්ට ද අධික ලෙස හානි සිදුවන ප්‍රධාන පෙළේ කාරණයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් නවොත්පාදන තාක්ෂණික උපක්‍රම, අපරව්‍යුහ පහසුකම්වල නවීකරණයන් සහ වෙනස් කිරීම්, එමෙන්ම ප්‍රජා සහයෝගීතාව ආදිය තුළින් මෙය සැලකිය යුත් මට්ටමින් අවම කර ගැනීමට හැකි බව ලොව පුරා මේ ගැටලුවට මුහුණ දී ඇති රටවල් අවබෝධ කොට ගොන තිබේ. ඉන්දියාව අලි අනතුරු ඇඟවීමේ පද්ධති, ශ්‍රී ලංකාවේ GPS පද්ධති, කෙන්යාවේ වන ජීවී උමං පද්ධති ආදී වශයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබමින් පවතී. නමුත් මේ ආකාරයෙන් විවිධ උපක්‍රම හඳුන්වා දෙනු ලැබුව ද ඒවා ක්‍රියාත්මක කිරීමේ ගැටලු, ක්‍රියාත්මක කරන්නන්ගේ උනන්දුව ආදී කාරණා නිසා මේ ගැටලුව සහමුලින් නවතාලීම සඳහා තව බොහෝ කාලයක් ගත වනු ඇතැයි දිනෙන් දින අඩුවක් නොමැතිව සිදුවන අලි – දුම්රිය ඝට්ටනයන් තුළින් පැහැදිලි වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර