දුම්රිය ස්ථානාධිපතිවරු දිගටම වැඩ වරති

දුම්රිය සාමාන්‍යාධිකාරී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර අද(27) පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම නිසා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ ක්‍රියාමාර්ගය සේම මාසික වාර්තා ලබා නොදීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.ලංකාවට ආයනයන කර ඇති නවීන දුම්රිය මැදිරි එක්කර ජනතාවට සේවා ලබාදෙන ලෙසත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ඇතුලු ගැටළු විසඳන ලෙසත් සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉකුත් 23 වැනි දා සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අරඹා තිබේ.

කාලීන පුවත්