දුම්රිය සේවය සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බාධා

ශ්‍රී ලංකා දුම්රිය සේවය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දී ඇතත් යටි අරමුණු සහිත දුම්රිය නිලධාරීන් කිහිප දෙනකුගේ බාධාවන් මත ඒවා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බව දුම් රිය සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සඳහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් ද හටගෙන තිබේ.මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇත.විශේෂයෙන්ම ඇල්ල දුම්රිය ස්ථානයේ දී මේ අහිතකර තත්වය දක්නට ලැබේ.ඇල්ල දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුවිශේෂි දුම්රිය ස්ථානයක් වන බැවින් මෙම දුම්රිය ස්ථානයෙන් ද විශේෂ දුම්රියන්හි ටිකට් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව මගීන් හා සංචාරක මග පෙන්වන්නෝ පෙන්වා දෙති.මේ අතර ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඉදි කරන ලද දුම්රිය ගොඩනැඟිලි රාශියක් මේ වන විට ජරාවාස වෙමින් පවතින අතරේ පෞද්ගලික අංශ වල එකමුතුවෙන් ඒවා නවීකරණය කොට අවන් හල් සහ නවාතැන් පලවල් වශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට ලබා දීමට ඇති හැකියාව විවිධ පාර්ශව විසින් පෙන්වා දී ඇතත් ඒ ඔස්සේ අයථා වාසි ලබා ගැනීමට නොහැකි නිලධාරීන් එවන් අවස්ථාවක් එන තුරු එම ආදායම් මාර්ග අත් හිටුවා ඇතැයි දුම් රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්