දුම්රිය සේවා අඩාල වුණේ වර්ජනයක් නිසාද?

වහාම ක්‍රියාත්මක වන අද (01)පරිදි දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකයන් වැඩ වර්ජනයක් ආරම්භ කළ බව ඇතැම් දුම්රිය වෘත්තිය සමිති පවසයි.ඔවුන් පවසන අන්දමට දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන නොදීමට විරෝධය දක්වමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. මේ අතර අද(01) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ද 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ අතර එහිදී දුම්රිය මඟීන් අතර නොසන්සුන්තාවයක් ද ඇති විය.නමුදු ඇතැම් දුම්රිය වෘත්තීය සමිති පවසනුයේ මෙය අද දින දුම්රිය කාර්ය මණ්ඩල වලට ඉන්ධන ලබා ගැනීමට දුන් අවස්ථාවක් මුල් කොට ප්‍රමාණවත් දුම්රිය සේවක සංඛ්‍යාවක් සේවයට නොපැමිණීම මුල් කොට ඇති වූ හදිසි තත්වයක් මිස වැඩ වර්ජනයක් නොවන බවය.එමෙන්ම හෙට පෙරවරුවේ දුම් රිය ධාවනය බොහෝ විට යථාවත් වනු ඇති බව ද ඔව්හු කියති.

කාලීන පුවත්