අද(07) බොහෝ දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම් රිය මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර සුපුරුදු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි(ගමනාගමන ) ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.මේ සම්බන්ධයෙන් දුම් රිය මූලස්ථාන ප්‍රකාශකයකු සඳහන් කොට සිටියේ විවිධ දුම් රිය වෘත්තීය සමිති වල සාමාජිකයන්ගෙන් යුතු එක්තරා කණ්ඩායමක් දුම් රිය සාමාන්‍යාධිකාරී වරයාට වෘත්තීය පීඩනයක් එල්ල කිරීමේ වැඩ සටහනක් ද මෙම දුම් රිය සේවා අඩාල කරවීම පසු පස ඇති බවකි. නමුදු පවත්නා තත්වය යටතේ මහජනතාවගේ සියළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් තම ධාවන වාර උපරිමයෙන් පවත්වාගෙන යාමට කටයුතු කොට ඇතැයි ලංගම සේවකයෝ කියති.