දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර, වසරකට 20,000ක් (විසි දහසක්) පමණ අකාලයේ මරණයට පත්වන බැව් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක් (අසූ ලක්ෂයක්) දුම්වැටි නිසා අකාලයේ මියයන බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.මේ අතරින් ලක්ෂ නවයකගේම ජීවිත අහිමි වන්නේ දුම්වැටි භාවිතා කරන්නන් අසල සිටීම හේතුවෙනි.ලෝක දුම්වැටි නිවාරණ දිනය අද (31) ට යෙදී ඇත. මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තෝරාගෙන ඇත්තේ “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු” යන්නයි.මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේදී දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව වැඩි අවධානයක් දක්වන මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය දුම්වැටි සමාගම්වල ප්‍රචාරණය සඳහා වසරකදී ඇමරිකානු ඩොලර් මිලියන 0.8ක් පමණ වැය කරන බව ද සඳහන් කරයි.