දුමින්දට අපස්මාරය;සමහර බෙහෙත් ලංකාවේ නැතිලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(01) අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු අපස්මාර තත්වයකට ප්‍රතිකාර ගැනීම පිණිස රෝහල් ගත ව ඇති අතර එම රෝගය සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ මේ වන විට ශ්‍රී ලංකාවේ නොමැති බව ද රෝහල විසින් ඔහුට දන්වා ඇති බව සඳහන් වේ.
නමුත් මේ වන විට දුමින්ද සිල්වා මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම මත ඔහුට වැඩිදුර ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට නොහැකි අතර එවන් අවස්ථාවක් ලබා ගැනීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළ යුතු බව නීතිඥ වරු පෙන්වා දෙති.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ම් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පසුගියදා නිකුත් කරනු ලැබූ අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත් කොට තිබේ.