දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර මහත්වරුන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (01) වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉහත සඳහන් තිදෙනා ඉවත් කළ ද කොළඹ අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ඔවුන් තිදෙනාට නැවත වතාවක් එම තනතුරුවල කටයුතු කිරීමේ හැකියාව ලැබී ඇත.