මේ වන විට මරණ දඬුවමට නියම වී සිටින දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගේ නිර්දේශ පරිදි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි මුත් මේ වන විට ඔහු සිර කරුවන් සඳහා වන සාමාන්‍ය වාට්ටුවකට මාරු කොට යවා තිබේ.අදාල සිරකරුගේ රෝගී තත්වය මත තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය ද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා ගෙන් ලිඛිතව විමසා සිටි අතර, ඒ සදහා 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබ තිබේ.එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශය ඊයේ(10) දින බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, එහි සඳහන් වන්නේ අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවකි.ඔහු සාමාන්‍ය සිරකරුවන් රඳවන වාට්ටුවකට මාරු කොට ඇත්තේ ඒ අනුව ය.නමුත් ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා ඵුට නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් එම වාර්තාවේ සඳහන් ය.