මරණීය දණ්ඩනය නියම ව හිඳින දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිර මැදිරියක් වෙත මාරු කොට තිබේ.ඔහු පසුගිය ජනවාරි 10 වෙනිදා ද වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබූ අතර, එහිදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පසුගියදා (11) පෙරවරු 02 ට පමණ ඔහු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබිණ.ඔහුව යළිත් බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණේ එම ප්‍රතිකාර වලින් අනතුරුව ය.