දෙපාර්තමේන්තු වැඩ ප්‍රමාදයි;දුම්රිය සේවය අධිකාරියක් කරනවා

ශ්‍රී ලංකා දුම්රිය සේවය දෙපාර්තමේන්තුවක් වීම මත කඩිනමින් තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු බැවින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් බවට පත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.අමාත්‍යවරයා අවධාරණය කළේ, දුම්රිය අධිකාරී පනතක් ඇති කිරීම මඟින් එය කළ යුතු බවකි.ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්