දෙමළ වදනක්වත් නොදත් බව කියන දරුවෙක් හිටිහැටියේ දෙමළෙන් කතා කරයි

vinivida

දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත් වල සුවිසල් සිරස්තල යටතේ පළ විය. එවක කටානේ විද්‍යාලෝක විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඔහු එක්වරම දෙමළ දැරියක සේ කතාබස් කිරීම පළමුව සිසුන්ටත් දෙවනුව ගුරුවරුන්ටත් මහත් ප්‍රශ්නයක්ව තිබිණි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලිසිය වෙත දැනුම් දීමට එම විදුහලේ එවක විදුහල්පතිව සිටි ලක්ෂ්මන් විජේරත්න මහතාට සිදුවිය. ඒ එම විද්‍යාලයට යාබදව පිහිටි නිවස එවක අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාගේ මහගෙදර වීමත්, මෙසේ ලක්ෂාන් නමින් පෙනී සිටිනුයේ හිටපු අග විනිසුරුවරයා එල්ලකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවන ලද කොටි කෙල්ලක්බවට රාවයක් ප්‍රදේශයේ පැතිර යාමත් නිසා ය.
ඒ අනුව මූලික ප්‍රශ්න කිරීමක් සඳහා 2006 වසරේ සැප්තැම්බර් 20 දා ලක්ෂාන් කොච්චිකඩේ පොලිසිය වෙත කැඳවනු ලැබුවේය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන් ලිවීමේ හා කතා කිරී‍මේ හැකියාවක් තිබූ එවක කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හරූන් ඩූල් මහතා ඉදිරියේ ලක්ෂාන් දෙමළ බසින් කළ විස්තරයේ සිංහල පරිවර්තනය මෙලෙසිනි.

‘‘මගේ නම රාමචන්ද්‍රන් රාජි. මම ගෑනු ළමයෙක්. මම ඉගෙන ගත්තේ යාපනයේ භද්‍රකාලී කෝවිල ළඟ තියන තිරුප්පුලි විද්‍යාලයේ. මම ඉස්කෝලෙ ගියේ තුනට විතරයි. මගේ තාත්තා ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මා ශ්‍රී රාමචන්ද්‍රන් රාෂ්මි. අපේ ගේ ලොකුයි. ගෙදර අම්මාගේ ෆොටෝ එක එල්ලලා තිබුණු බිත්තිය ඇතුළේ රහස් සේප්පුවක් තිබුණා.තාත්තා රෑට කට්ටියක් එක්ක ඇවිත් ඒ සේපපුවේ සල්ලි හංගනවා. අයියයි මමයි හොරෙන් බලාගෙන ඉන්නවා. පස්සේ කාලෙක අපේ ගෙදරට බෝම්බයක් වැටිලා අයියයි, තාත්තයි මැරුණා. ඊටපස්සේ අම්මා මාව සින්දු ජා කියලා ඇන්ටි කෙනෙක්ට භාරදීලා රට ගියා. මීට අවුරදු දොළහකට කලින් (1996)බෝම්බයකට අහුවෙලා මාවත් මැරුණා.’’
ලක්ෂාන් විසින් එම ප්‍රකාශය කරන ලද්දේද දැරියකගේ ඉරියව් පාමින් වන අතර, ඒ මොහොතේ ඔහුගේ මවද පොලිසියට කැඳවන ලදි. ඒ වනවිට ඔහුගේ මව කොච්චිකඩේ ලොතරැයිපත් ඒජන්සියක ලොතරැයි අලෙවිකරන්නියක ලෙස සේවය කරමින් සිටියාය.

‘‘කවුද මේ?’’
ලක්ෂාන්ට ඔහුගේ මව පෙන්වූ පොලිස් ස්ථානාධිපතිවරයා දෙමළ බසින් ඇසීය.
‘‘දන්නේ නැහැ, කවුරු හරි නැන්දා කෙනෙක් නේද?’’ලක්ෂාන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීය.
‘‘කොහෙන්ද පුතා දෙමළ ඉගෙනගත්තේ?’’
අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අසන ලද්දේ ලක්ෂාන්ගේ මවගෙනි.
‘‘මෙයා දෙමළ දන්නේ නෑ සර්, මෙයා දෙමළ ඉගෙනගන්න විදිහක් නෑ.’’
ලක්ෂාන්ගේ මවගේ පිළිතුර එය විය. ඒ අතරේ ලක්ෂාන්ගේ එම හැසිරීම් රටාව අනුව ඔහු ලිංගික සංක්‍රාන්තිමය තත්ත්වයකට පත්වෙමින් තිබේද යන්න විමසීම පිණිස ඔහු මීගමුව රෝහල වෙත යොමු කරන ලදුව, කායික වශයෙන් එබඳු කිසිඳු විපර්යාසයක් සිදුවී හෝ සිදුවෙමින් නොමැති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු විය. එසේ නම් ඔහු කිසියම් මානසික විෂමතාවකින් පෙළෙන්නේද යන්න පිළිබඳ මනෝ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා 2006 සැප්තැම්බර් 29 දා ලක්ෂාන් රාගම රෝහලට ඇතුළත් කරන ලදි. එම පරීක්ෂණය භාර තිබුණේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකු වන කේ.එල්.එල්.ඒ. කුරුප්පුආරච්චි මහතාට ය.

කේ.එල්.එල්.ඒ. කුරුප්පුආරච්චි

නමුදු ලක්ෂාන් කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළුණද ඔහු හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කරන ලද්දේ කෙසේද?
කිසිසේත් ඇදැහිය නොහැකි එම අරුමය කුමක්දැයි සිතාගත නොහැකි බැවින් මා ද ඊට පසු දින එනම් 2006 වසරේ සැප්තැම්බර් 30 වනදා ලක්ෂාන් රඳවා සිටි රාගම මහ රෝහලේ 28 වාට්ටුවට ගියෙමි. නමුදු ඒ වනවිට ලක්ෂාන් මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය වන අංගොඩ මානසික රෝහලට මාරුකොට යවා තිබිණි.
‘‘ඒක රෝහල් අධ්‍යක්ෂගේ තීරණයක්. සමහරවිට මේ ළමයා සම්බන්ධයෙන් පැතිරීගෙන යන කතා ළමයාගේ ආරක්ෂාවට තර්ජනයක් නිසා අධ්‍යක්ෂ එහෙම කළා වෙන්න පුළුවන්.’’
එහිදී මහාචාර්ය කුරුප්පුආරච්චි මා හා කීය. ඒ අනුව මම නැවත ලක්ෂාන් ඉගෙනුම ලබමින් සිටි කටානේ විද්‍යාලෝක විද්‍යාලයට යාබදව පිහිටි සිරිවර්ධනාරාමයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය කරඹේ සුමන හිමියන් හමුවීමි. ඊටද හේතු දෙකක් තිබිණි. ඒ පසුගිය කලයේ ලක්ෂාන් සවස් කාලයට අසල්වැසි සම වයසේ දරුවන් හා එම විහාරයට පැමිණ තිබීමත්, පූජ්‍ය සුමන හිමියන් එවක කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පදවිය හෙබවීමත් ය.

‘‘ඔය ළමයා වතාවක් අනිත් ළමයි අතේ මටත් කියලා එව්වා එයා ගෑනු ළමයෙක් කියලා. ඒත් මම හිනාවෙලා ඇහුවා, තමුසේ කොහොමද ගෑනු ළමයෙක්වෙන්නේ, තමුසෙගේ රැවුලත් එන්නනේ හදන්නේ කියලා. කොහොමත් ඔය ළමයගේ තාත්තත් පවුලෙන් අයින්වෙලා. ඔය ළමයයි මල්ලිලා දෙන්නයි ඉන්නේ අම්මයි ආත්තම්මයි එක්ක. බොහොම අසරණ විදියට ජීවත් වෙනවා කියලා මට ආරංචි වුණා. කොහොමත් ඔය ළමයා ගැන අපි කවුරුත් හොයා බලන්න ඕනේ කියන තැන තමයි මාත් ඉන්නේ.’’ඒ හිමියෝ කීහ.

දෙමළ අකුරක්වත් නොදත් ලක්ෂාන් හිටිහැටියේ දෙමළ බසින් කතා කිරීමේ අරුම පුදුමය වටහාගැනීම පිණිස වයික්කාලේ තඹරවිලට ගොස් එහිදී ලක්ෂාන් ඇසුරු කළ සම වයසේ පාසල් මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට ද මට සිදුවිය. ඒ මිතුරන්ගෙන් කිහිපදෙනෙකුම දෙමළ දරුවන් වූ අතර, ඔවුහු වව්නියාව ආදී ප්‍රදේශවලින් උළු කර්මාන්තය හා සම්බන්ධ රැකියාවන් සඳහා වයික්කාලේ තඹරවිලට සංක්‍රමණය වූ දෙමාපියන් සමග පැමිණි දරුවෝ වූහ.
‘‘මෙහේ දෙමළ ඉස්කෝල නැති හින්දා සිංහල ඉස්කෝලෙට ගියත් අපි කතා කරගන්නේ දෙමළෙන්. ලක්ෂානුත් හරිම ඉක්මනට දෙමළ ඉගෙනගත්තා.පස්සේ එයා අපි එක්කත් දෙමළෙන් කතා කරන්න පටන්ගත්තා.’’

එහෙත් දෙමළ අකුරක්වත් නොදන්නා ලක්ෂාන් හිටිහැටියේ චතුර ලෙස දෙමළ බසින් කතා කරන්නට වූයේ කෙසේද? එය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව සායනික ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එබැවින් මම නැවත කොච්චිකඩේ දී ලක්ෂාන්ගේ මව හමුවී ඔහුගේ යටගියාව පිළිබඳ වැඩිදුර විමසන්නට පටන් ගතිමි.
‘‘ඉස්සර අපි හිටියේ වයික්කාලේ තඹරවිල. දරුවා ගියේ එහේ ඉස්කෝලෙට.නමුත් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නොතිබුණු හින්දා මමයි, මගේ අම්මයි, ඔය දරුවෝ තුන්දෙනයි එක්ක පහුගිය ජූලි මාසේ මෙහේ ගෙයක් කුලියට ගත්තා .මේ දරුවන්ගේ තාත්තා අපි ගැන වැඩිය හොයා බැලීමක් නැහැ.’’

ලක්ෂාන්ගේ මව වැඩිදුරටත් කී අන්දමට ලක්ෂාන් ඉපදී ඇත්තේ 1992 දෙසැම්බර් අට වනදා ය. එවිට තමන්ගේ වයස අවුරුදු විසිතුනක් වූ අතර තම සැමියා දහඅට හැවිරිදි වූ බව ද ඇය කීවාය.
අනතුරුව දෙමළ අකුරක්වත් නොදත් ලක්ෂාන් හිටිහැටියේ දෙමළ බසින් කතා කිරීමේ අරුම පුදුමය වටහාගැනීම පිණිස වයික්කාලේ තඹරවිලට ගොස් එහිදී ලක්ෂාන් ඇසුරු කළ සම වයසේ පාසල් මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට ද මට සිදුවිය. ඒ මිතුරන්ගෙන් කිහිපදෙනෙකුම දෙමළ දරුවන් වූ අතර, ඔවුහු වව්නියාව ආදී ප්‍රදේශවලින් උළු කර්මාන්තය හා සම්බන්ධ රැකියාවන් සඳහා වයික්කාලේ තඹරවිලට සංක්‍රමණය වූ දෙමාපියන් සමග පැමිණි දරුවෝ වූහ.
‘‘මෙහේ දෙමළ ඉස්කෝල නැති හින්දා සිංහල ඉස්කෝලෙට ගියත් අපි කතා කරගන්නේ දෙමළෙන්. ලක්ෂානුත් හරිම ඉක්මනට දෙමළ ඉගෙනගත්තා.පස්සේ එයා අපි එක්කත් දෙමළෙන් කතා කරන්න පටන්ගත්තා.’’

රාගම මහ රෝහලට ගෙනා ලක්ෂාන් නොදන්නා දෙමළෙන් කතා කිරීමේ මනෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ සායනික නොවූ එම රහස මහාචාර්ය කුරුප්පුආරච්චි වෙත හෙළි කළෙමි.ඒ අනුව තමන්ට එල්ලවන දැඩි මානසික පීඩනයට දක්වන ප්‍රතිචාරමය තත්ත්වයක් වශයෙන් එයින් අත්මිදීම පිණිස වන අවිඥානික බලපෑමක් වන විඝටනමය අනන්‍යතා ආබාධය (Dissociative identity disorder) නම් මානසික ආබාධය ලක්ෂාන්ට වැළඳී ඇති බව නිගමනය කළ මහාචාර්ය කුරුප්පුආරච්චි සති කිහිපයක් තුළ ලක්ෂාන් මුළුමනින් සුවපත් කළේය.

වයික්කාලේ, තඹරවිල ජීවත් වූ ලක්ෂාන්ගේ පැරණි පාසල් මිතුරෝ කීහ. කෙසේ හෝ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට යැයි කියමින් අංගොඩ රෝහලේ බරපතළ මානසික රෝගීන්ද සිටින හයේ වාට්ටුවේ දින තිස් එකක කාලයක් රඳවාගෙන සිටි අතර ඒ සමයේ ඔහු බැලීමට ගිය මට ඒ සඳහා අවකාශයක් හිමි නොවූයේ ලක්ෂාන් ගේ මවට හැර අන් කිසිවකුටත් ඉඩ නොදීමට රෝහල් බලධාරීන් ගෙන තිබූ තීරණයක් නිසා ය.පසුව ලක්ෂාන් නැවත රාගම මහරෝහල වෙත මාරු කරන ලදි. ඒ එම කාලය වනවිට ඔහු අංගොඩ දී අතිශය කලහකාරී ලෙස හැසිරෙන්නට වූ පසුබිමක ය.

මිරිදිය මසෙකු කරදියට ගෙනගොස් දැමීමක් වැනි එම ඛේදනීය සංසිද්ධිය එතෙකින් නිමාවට පත්වූ අතර,නැවත රාගම මහ රෝහලට ගෙනා ලක්ෂාන් නොදන්නා දෙමළෙන් කතා කිරීමේ මනෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ සායනික නොවූ එම රහස මහාචාර්ය කුරුප්පුආරච්චි වෙත හෙළි කළෙමි.ඒ අනුව තමන්ට එල්ලවන දැඩි මානසික පීඩනයට දක්වන ප්‍රතිචාරමය තත්ත්වයක් වශයෙන් එයින් අත්මිදීම පිණිස වන අවිඥානික බලපෑමක් වන විඝටනමය අනන්‍යතා ආබාධය (Dissociative identity disorder) නම් මානසික ආබාධය ලක්ෂාන්ට වැළඳී ඇති බව නිගමනය කළ මහාචාර්ය කුරුප්පුආරච්චි සති කිහිපයක් තුළ ලක්ෂාන් මුළුමනින් සුවපත් කළේය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට