දෙසැම්බර් මස 31 වනදා වනවිට රාජ්‍ය සේවකයින් 30,000කට ආසන්න පිරිසක් විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
කෙසේ වෙතත් එතරම් සංඛ්‍යාවක් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් අතර ආරක්ෂක අංශයේ, සංස්ථාවල, මණ්ඩලවල ආදී සෑම ආයතනයකම සේවක පිරිස් සිටීම විශේෂත්වයකි.