ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්රකාශ නිකුත් කිරීම සම්බන්ධව චෝදනා මත දේවගැති ජෙරම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(01) අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සිදුකළ ප්රකාශ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයකට අනුව දෙවැනි දිනයටත් ප්රකාශයක් ලබාදීමට එම දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.ආගම් ප්රචාරයේ මාර්ගයෙන් ජෙරම් ප්රනාන්දු දේවගැති වරයා මෙතෙක් සිදු කොට ඇති කිර්යාවන් සහ ඔහු වටා ඒකරාශී වී ඇතැයි පැවසෙන මහා ධන සම්භාරය සම්බන්ධයෙන් පසුගිය දා සමාජ කතිකාවක් ද හට ගෙන තිබිණ.