දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේත් පරීක්ෂණ

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ල වී ඇති චෝදනාවලට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.ජෙරොම් දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාමින්ද වික්‍රම මහතා මෙම අදහස් පළ කළේය.බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගම විවේචනය කරමින් තමන් විසින් පවත්වන ලද ආන්දෝලනාත්මක ඉරිදා දේශනාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබිණ.දේවගැති ජෙරොම් මැයි 15 වන දින රට හැර ගිය අතර ඔහුගේ පවුලේ අය ආපසු පැමිණි අතර ඔහු විදේශගතව සිටින අතර සංචාරක තහනමකට ද ලක්ව සිටියි.

කාලීන පුවත්