දේශගුණික වෙනස්වීම් වලට අනුගතව ගොවිතැන් කිරීමේ නව සැලැස්මක්

දේශගුණික වෙනස්වීම් වලට අනුගතව වගා කටයුතු සිදුකිරීම පිළිබඳ නව සැලැස්ම ඉතා ඉක්මනින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.ඔහු සඳහන් කළේ හෙට (06) දිනයේ එම සැලැස්ම එළි දක්වන බවයි.ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡාවක් ඊයේ (04) දිනයේ පැවැත්වූ බව පැවසූ ලේකම්වරයා එම සැලැස්ම අනුව වැඩකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.ඒ අනුව සියලුම ඉඩම්වල වගා කිරීමට ඒ අනුව මෙවර මහ කන්නයේ සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා පවසයි.මේ වනවිට පොහොර මිලදී ගැනීමට හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් වශයෙන් ලබා දුන් මුදල රුපියල් 20,000 දක්වා වැඩි කරන ලෙස ගොවීන් මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ඉදිරි මහ කන්නයේ දී එම මුදල ද ඔවුනට ලබා දෙන බවත් ඒ අනුව ගොවීන්ට මුදල් ලබාදී පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට හැකි බවත් ලේකම්වරයා සඳහන් කරයි.

කාලීන පුවත්