මහනුවර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයට ස්ථාන මාරු කර ඇත.මේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් සභා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.මේ ස්ථාන මාරු ලිපියේ ගරු ගාම්භීර ලෙස “අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයට ස්ථාන මාරු කරමි”කියා සටහන් කර තිබුණත් මින් අදහස් වන්නේ මෙම ප්‍රාදේශීය ලේකම්වරිය කුප්‍රකට පූල්(සංචිතයට) එකට මාරු කර ඇති බව ය.රාජ්‍ය පරිපාලනයේ පූල් එකට(සංචිතයට) මාරු කිරීම යනු කිසිම තනතුරක් නොමැතිව පොත අත්සන් කර වැටුප ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ය.ඉස්සර නම් පූල් එකේ (සංචිතයේ)ඉන්නා අය දිනපතා පැමිණෙන්නේ ද කියාවත් හොයන බලන කෙනෙක් නොසිටියහ.එනිසා දින කීපයකට වරක් ගොස් හැම දිනකටම අත්සන් කර එසැනින් පිටව යාමට හැකියාව තිබුණි. මේ ලියන මමත් දින දහයක් පහලොවක්ම ඔය කියන පූල් ගතව(සංචිත ගතව) සිටිය අයෙක්මි.ඒ මගේ ඉල්ලීමකට අනුව අම්පාර ප්‍රාදේශීය ලේකම් කමේ සිට කොළඹට මාරු වූ අවස්ථාවේදී ය.ඒ වනවිට ඔය පූල් එකේ (සංචිතයේ)අපිත් සමග විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකු වූ දිවංගත අමර හේවා මද්දුම මහතා ද සිටියේ ය. දින දෙක තුනකට වරක් ගොස් අත්සන් කිරීම වෙනුවට මම හැමදාම උදේට ගොස් අත්සන් කර පිටව යාමට පුරුදු වීමි.තුන්වන දින අමර හේවා මද්දුම මහතා මට මුණ ගැසුණි. එතුමා මගෙන් විමසුවේ “මොකද? පූල් එකට(සංචිතයට) එන්න වුණේ” කියා ය.මා සිය කැමැත්තෙන්ම පූල් ගත වූ(සංචිත ගතවූ) බව ඇසූ එතුමා මා හට සංචිතය ගැන පැරණි රසාංග රැසක්ම කියා දුන්නේය.පූල් එකේ (සංචිතයේ)දිග පළල හා ගැඹුර ගැන හොඳ අවබෝධයක් එතුමාගේ පැරණි රසාංග වලින් දැනගන්නට හැකිවීම මා ලද මහඟු අවස්ථාවක් විය. පූල් එකට (සංචිතයට)නිලධාරියෙකු මාරු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නේ දේශපාලනික පලිගැනීමක් ලෙසට ය. දේශපාලකයින්ට හීලෑ නොවන නිලධාරීන් පූල් ගත(සංචිතයට අනුයුක්ත කිරීම ) කිරීම අතීතයේ සිටම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සම්ප්රදායකි.පූල් ගත කිරීමෙන් පසු කරන්නට වැඩක් නැති නිසාත් කිසිදු වගකීමක් ලබා නොදීම නිසාත් හිඳගන්නට පුටුවක් මේසයක් වත් නැති නිසාත් බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අසරණ වෙති.පූල් ගත අය සමග ඇසුරු කිරීමට තනතුරුධාරී නිලධාරීන්ට වෙලාවක් ද නැත.සංචිතගත නිලධාරියෙකු ඒ අමාත්‍යංශයේම සේවය කරන සගයෙකුගේ කාමරයට ගොස් කතාබහක් පටන් ගත්තත් සගයා රාජකාරියේ නිරතව සිටිනු දැකීමෙන් පසු සුලු වෙලාවකින් ඉන් ඉවත් වෙන්නේ තමන්ගේ අසරණ භාවය හොඳින්ම පැහැදිලිවන නිසා ය. මේ නිසා තමන් කිසිදු වටිනාකමක් නැති “අපතයකු” බවට පත්ව ඇතැයි යන හැඟීම පූල්ගත නිලධාරීන්ට ඇති වේ.මේ නිසා කවර ආකාරයෙන් බැලුවත් පරිපාලන සේවා නිලධාරියෙකු සංචිත ගත කිරීම සත්‍ය වශයෙන්ම දඬුවමකි.
1979, අවුරුද්දේ දී අනවසරයෙන් අල්ලා ගනු ලබන රජයේ ඉඩම් නිදහස් කර ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත නම් විශේෂ නීතියක් සම්මත කෙරිණ.ඒ අනුව අනවසරයෙන් රජයට අයත් ඉඩමක් අල්ලා ගත් අයෙකුට දැන්වීමක් භාර දී මාස දෙකක් තුළ ඉඩම අතහැර යන ලෙසට නියම කිරීමට ප්‍රාදේශීය ලේකම් වරයෙකුට බලය ඇත.දැන්වීමේ සඳහන් කාලය තුළ ඉඩම අත හැර නොගියොත් මහේස්ත්‍රත් උසාවියෙන් ආඥාවක් ලබාගෙන අනවසරකරු ඉවත් කරවීමට ප්‍රාදේශීය ලේකම්ට බලය දී ඇත.
ආත්මා දිල්රුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම්වරියගේ පූල්(සංචිත)ගත වීම සිදුවන්නට ආසන්න කර්මය වන්නේ රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීම පණතේ බලධාරියා ලෙස රාජකාරී කරන්නට යාම ය.රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම බරපතල වරදකි.ඉස්සර අනවසරයෙන් රජයේ ඉඩමක් අල්ලා ගත් පසු ඊට එරෙහිව රාජකාරි කරන්නට තිබුණේ රජයේ ඉඩම් අනවසර අල්ලා ගැනීමේ ආඥා පනත නම් සුද්දගෙ කාලයේ නීතියකි.මේ නිතිය යටතේ අනවසරයෙන් අල්ලා ගත් එකාව එලවා දමා ඉඩම ආපසු රජය භාරයට ගන්නට වසර හය හතක් දිසා අධිකරණයේ නඩු කිව යුතු විය.මේ නිසා 1979, අවුරුද්දේ දී අනවසරයෙන් අල්ලා ගනු ලබන රජයේ ඉඩම් නිදහස් කර ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත නම් විශේෂ නීතියක් සම්මත කෙරිණ.ඒ අනුව අනවසරයෙන් රජයට අයත් ඉඩමක් අල්ලා ගත් අයෙකුට දැන්වීමක් භාර දී මාස දෙකක් තුළ ඉඩම අතහැර යන ලෙසට නියම කිරීමට ප්‍රාදේශීය ලේකම් වරයෙකුට බලය ඇත.දැන්වීමේ සඳහන් කාලය තුළ ඉඩම අත හැර නොගියොත් මහේස්ත්‍රත් උසාවියෙන් ආඥාවක් ලබාගෙන අනවසරකරු ඉවත් කරවීමට ප්‍රාදේශීය ලේකම්ට බලය දී ඇත.දැන ගන්නට ඇති පරිදි ආත්මා දිල්රුක්ෂි ප්‍රාදේශීය ලේකම්වරිය වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ ප්‍රදේශයේ දේශපාලකයෙකුට ඉහත කී පරිදි අනවසරයෙන් සන්තකය දරණ රජයේ ඉඩමකින් ඉවත් වීමට දැන්වීමක් මගින් නියම කර ඇත.ඒ දැන්වීමේ පරිද්දෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත්වීම වෙනුවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ලේකම්වරයා දැන්වීම නිකුත් කළ ප්‍රාදේශීය ලේකම්වරිය එම තනතුරෙන් ඉවත් කර සංචිත ගත කිරීමට පියවර ගෙන ඇත.
රජයෙන් ඉඩම් බෙදාදීමක් සිදුවන්නේ නම් ඒ ඉඩම් ලබා දිය හැක්කේ ආණ්ඩු බලය ඇති පක්ෂයේ මණ්ත්රීවරයා නම් කරන මිනිසුන්ට පමණි.දැන් රටේ බෙදාදෙන්න ඉඩම් නැති නිසා ඉතුරුව තිබෙන රක්ෂිත බිම් තීරු හා අන්සතු කළ නොහැකිව ආරක්ෂා කළ යුතු ඉඩම් ද ආණ්ඩු බලය ඇති පක්ෂයේ හෙංචයියලා අල්ලාගෙන ප්‍රයෝජනයට ගනිති.ඊට අතිරේකව වැලිගොඩ දැමීම,පස් කැපීම, ගල් කැඩීම සඳහා බලපත්‍ර ලබා ගන්නේ ද ආණ්ඩු බලය ඇති පක්ෂයේ දේශපාලන හෙංචයියන් පමණි.
සාමාන්‍යයෙන් දේශපාලකයෙකුට එරෙහිව තබා ඔවුන්ට අනුග්‍රහය දක්වන හෙංචයියෙකුට එරෙහිවව නීතිය ක්‍රියාත්මක කරන්න නොහැකි වීම අපේ රටේ ඇති සුවිශේෂී තත්වයකි.අපේ ගැමි වහර අනුව කිවහොත් එය “නයාට හගලා පොල්ල වරද්දා ගැනීමකි.” රජයෙන් ඉඩම් බෙදාදීමක් සිදුවන්නේ නම් ඒ ඉඩම් ලබා දිය හැක්කේ ආණ්ඩු බලය ඇති පක්ෂයේ මණ්ත්රීවරයා නම් කරන මිනිසුන්ට පමණි.දැන් රටේ බෙදාදෙන්න ඉඩම් නැති නිසා ඉතුරුව තිබෙන රක්ෂිත බිම් තීරු හා අන්සතු කළ නොහැකිව ආරක්ෂා කළ යුතු ඉඩම් ද ආණ්ඩු බලය ඇති පක්ෂයේ හෙංචයියලා අල්ලාගෙන ප්‍රයෝජනයට ගනිති.ඊට අතිරේකව වැලිගොඩ දැමීම,පස් කැපීම, ගල් කැඩීම සඳහා බලපත්‍ර ලබා ගන්නේ ද ආණ්ඩු බලය ඇති පක්ෂයේ දේශපාලන හෙංචයියන් පමණි.මේ තමන්ගේ එවුන්ට රජයේ සම්පත් හූරා කෑමේ අවස්ථාව කලමණාකරණය කර ගන්නට අවස්ථාව සලසා ගන්නට ආණ්ඩු පැත්තේ මන්ත්‍රී වරුන්ට තානාන්තරයක් ලබා දී තිබේ.ඒ සම්බධිකරණ කමිටුවේ සභාපතිකම ය. සම්බ්න්ධීකරණ කමිටුව යන රාජ්‍ය ව්‍යුහය ආරම්භ කර තිබුණේ රාජ්‍ය ආයතන අතර ඇතිවන ගැටලු විසඳාගෙන කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීම තහවුරු කිරීමට ය.ඒ සඳහා රාජ්‍ය සේවාවේ දිස්ත්‍රික් ප්‍රධානියා ලෙස සැලකෙන ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රධානත්වයෙන් මසකට වරක් දිස්ත්‍රික්කයේ සියලුම ආයතන වල ප්‍රධානීන් එක් රැස්වී සාකච්ඡා කර තීරණ ගෙන ගැටළු විසඳා ගත් හ.මහජන මන්ත්‍රීවරු ඊට සහභාගී වූයේ නිරීක්ෂකයින් ලෙස ය.මේ රැස්වීමේ දී මහජනතාවට රාජ්‍ය ආයතනවල සේවාවන් වලින් මතුව ඇති ගැටළු මන්ත්‍රීවරු ඉදිරිපත් කළහ.ඒගැන නිලධාරීන් සාකච්ඡා කර තීරණ ගෙන ගැටළු විසඳා දුන්හ.
ආණ්ඩුවේ ඒජන්තවරයා රටේ නිති රීති පිළිබඳව පුලුල් අවබෝධයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වීමත් සෑම රාජ්‍ය ආයතනයකම කාර්යන් පිළිබඳව මැදිහත්වීමේ රාජකාරිමය බලයත් ඔහු සතුවීමත් නිසා මේ ගැටළු විසඳා ගැනීම පහසුවෙන් කළ හැකි විය.එහෙව් සම්බන්ධීකරණ කමිටුවට රාජ්‍ය පාලනය ගැන කිසිදු දැනුමක් නැති දේශපාලකයෙකු සභාපති කර ඒ ව්‍යුහය විනාශකර ලීමට දේශපාලකයින්ට උල් පන්දනම් දුන්නේ ද රාජ්‍ය සේවයේම එක්තරා නිලධාරි කණ්ඩායමකි.ඔවුන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ දිස්ත්‍රික් මට්ටමේ තීරණ ගැනීමේ බලය ආණ්ඩුවේ ඒජන්ත අත තිබීම ය.පසුගිය යහපාලනය සමයේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල සම සභාපති ලෙස ප්‍රාදේශීය සභාවකවත් නියෝජිතයින් නොවූ ජනාධිපතිවරයාගේ පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායකවරුන් පත් කර ඒ ව්‍යුහය නැත්තටම නැති කළේය. මේ වනවිට සම්බන්ධිකරණ කමිටු සභාපතිකම ආණ්ඩුවේ තනතුරක් බවට පත්කර හමාර ය. සභාපති කම දරණ දේශපාලකයා අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ කොන්ත්‍රාත් ටික, වැලි බලපත්‍ර ටික, පස් බලපත්‍ර ටික තමන්ගේ හෙංචයියන්ට බෙදාදෙන්නේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වමිනි.රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රියවලිය නතර කර තමන්ගේ හෙංචයියන්ට කොන්ත්‍රාත් දෙන්නේ ප්‍රජා සමිති හරහා ය. ප්‍රාදේශීය ලේකම් ඇතුලු නිලධාරීහු ඒ නියමයන් අනුව කරබා ගෙන ක්‍රියා කළ යුතු ය.එසේ නැතිව ඒවාට අභියෝග කළොත් හෝ ඒවායේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ප්‍රශ්න කළොත් වහාම ක්‍රියාත්මකව න පරිදි සංචිත ගත වෙන්නට නිලධාරීන්ට සිදු වනු ඇත. ඒකට කියන න්‍යායාත්මක නම සංවර්ධන පරිපාලනය නම් වේ.
ආත්මා දිල්රුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය රාජ්‍ය ඇමතිවරයා විසින් අල්ලාගෙන සිටින රජයේ ගොඩනැගිල්ලක් ද සහිත ඉඩම් කොටසෙන් ඉවත්වී භුක්තිය භාරදෙන ලෙසට රාජ්‍ය ඇමතිවරයාට නිවේදනයක් භාරදීමෙන් ඊනියා සංවර්ධන පරිපාලනය බිඳ දමා ඇත.ඇය ඊනියා සංවර්ධන පරිපාලනය නොතකා හැරියාට රජයේ ඉඩම ආරක්ෂා කිරීම සඳහා තමන්ට පැවරුණු බලතල අනුව නීත්‍යානුකූලව රාජකාරී කර ඇත.රටේ මහජනතාව පවරා දුන් බලතල ප්‍රකාරව නීත්‍යානුකූලව රාජකාරි කරන නිලධාරීන් ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකමකි වගකීමකි.එබඳු නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත යුත්තේ නිලධාරියා අයත් අමාත්‍යංශයයි. අමාත්‍යංශයක් භාරව සිටිනේ ඇමතිවරයෙකි.ඇමතිවරයාගේ විධානය හා පාලනය යටතේ අමාත්‍යංශයේ කටයුතු මෙහෙයවන්නට ජනාධිපතිවරයා විසින් පත්කරන ලේකම්වරයෙක් සිටියි.ඇමතිවරයා ද ලේකම්වරයා ද යන දෙදෙනාම ආණ්ඩුවේ ධුර දරන අය වෙති.මේ දෙදෙනාම ස්වකීය ධුරයේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට හා නීතියේ හැටියට ඉටුකරන බවට දිවුරුම් දී තනතුරු භාරගත් අය වෙති.ප්‍රාදේශීය ලේකම්වරු අයත් වන ස්වදේශ කටයුතු විෂය වර්තමානයේ පැවරී ඇත්තේ රටේ අග්‍රාමාත්‍යවරයාට ය.ඒ අනුව රටේ අග්‍රාමාත්‍යවරයා ගේ භාරයේ පවතින අමාත්‍යංශයක් රාජකාරිය ඉටුකරන්න ගිය තම නිලධාරියෙකු ආරක්ෂා කරනවා වෙනුවට ඇයට දඩුවම් මාරුවක් දීමෙන් ලබාදෙන්නේ කවර පණිවුඩයක්ද? මේ ස්ථාන මාරුව තුළින් ස්වදේශ කටයුතු ලේකම්වරයා සිදු කර ඇත්තේ දේශපාලකයන් සිදුකරන අනීතික ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ප්‍රාදේශීය ලේකම්වරුන් පූල් එකට ඒමට සූදානම් විය යුතුය යන පණිවුඩය දීම ය.එමෙන්ම නීතියට අනුව වැඩ කළ නිලධාරියෙකු අනීතිකව ස්ථාන මාරුකර තමන් දිවුරුම් දී ඇති නීතියට අනුව තනතුරේ කටයුතු කරන බවට වූ දිවුරුම ද ලේකම් වරයා විසින් බිඳගනු ලැබ ඇත.එසේම ලේකම්වරයාට ඇති බරපතල අසනීපයක් පිළිබඳව ද මේ ස්ථාන මාරුවෙන් අඟවා ඇත.ඒ ඔහුගේ අස්ථි පංජරයම කඩා වැටී ඇති බවට වන ඇඟවීමයි.
හේතුවක් නොමැතිව මේ ස්ථාන මාරුව ලේකම් වරයා විසින් කර ඇත්නම් රාජ්‍ය සේවා කොමිසමට ඒ වරද නිවැරදි කළ හැක්කේ මේ ස්ථාන මාරුවට ආවරණ අනුමැතිය නොදීමෙනි.ස්වාධීන යැයි කියන රාජ්‍ය සේවා කොමිසම තමන්ට ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුන් බලය ක්‍රියාත්මක කරන්නට ආවරණ අනුමැතිය යටතේ දේශපාලන රූකඩ බඳු ආණ්ඩුවේ නිලධාරීන්ට ලබාදීමෙන් තම ස්වාධීනත්වයේ අපූරු ක්‍රියා කාරිත්වය රටට ප්‍රදර්ශනය කර ඇත. යකඩ මල්ලට ගුල්ලන් ගැසූ රටේ හාල් මල්ල නොබලාම විසි කරන්න කියා පැරැන්නන් උපහැරණයක් හැදුවේ කට කහනවට නොවේ.
ප්‍රාදේශීය ලේකම්වරයෙකු ස්ථාන මාරු කිරීමේ බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමටයි.රාජ්‍ය සේවා කොමිසම යනු එසේ මෙසේ කොමිසමක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්කර ඇති ව්‍යවස්ථාදායක සභාවෙන් නම් කළ සාමාජිකයින්ගෙන් සමන්විත කොමිසමකි.ප්‍රාදේශීය ලේකම්වරයෙකු ස්ථාන මාරු කිරීමේදී කලින් පැවති කොමිසම යටතේ නම් ආවරණ අනුමැතිය යටතේ සිදුකිරීමට කවරෙකුට හෝ බලයක් දී නොතිබුණි.එහෙත්, දැන් කොමිෂන් සභාව විනයානුකූල චෝදනාවක් මත ආවරණ අනුමැතියට යටත්ව ස්ථාන මාරු කිරීමට ස්වදේශ කටයුතු ලේකම්ට බලය දී ඇතැයි දැනගන්නට ඇත.හේතුවක් නොමැතිව මේ ස්ථාන මාරුව ලේකම් වරයා විසින් කර ඇත්නම් රාජ්‍ය සේවා කොමිසමට ඒ වරද නිවැරදි කළ හැක්කේ මේ ස්ථාන මාරුවට ආවරණ අනුමැතිය නොදීමෙනි.ස්වාධීන යැයි කියන රාජ්‍ය සේවා කොමිසම තමන්ට ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුන් බලය ක්‍රියාත්මක කරන්නට ආවරණ අනුමැතිය යටතේ දේශපාලන රූකඩ බඳු ආණ්ඩුවේ නිලධාරීන්ට ලබාදීමෙන් තම ස්වාධීනත්වයේ අපූරු ක්‍රියා කාරිත්වය රටට ප්‍රදර්ශනය කර ඇත. යකඩ මල්ලට ගුල්ලන් ගැසූ රටේ හාල් මල්ල නොබලාම විසි කරන්න කියා පැරැන්නන් උපහැරණයක් හැදුවේ කට කහනවට නොවේ.
දේශපාලකයෙකුගේ පවුලේ බුදලයක් වන් පුද්ගලික භාරයකට අක්කර හාරසීයක කන්දකට අයත් ඉඩම් නිදහස් දීමනා පත්‍රයකින් දීම, පුරාවස්තුවක් බවට පත්ව ඇති පාලමක් ඒ භාරයටම බදුදීම, භාරයකට පැවරූ දේපල සංවර්ධනයට රාජ්‍ය අරමුදල් යෙදවීම,රාජ්‍ය අරමුදලෙන් සංවර්ධනය කළ දේපල පෞද්ගලික දේපල සේ බූක්ති විඳීමට ඉඩ දී තිබීම යන චෝදනා සත්‍ය නම් ඒවා ප්‍රාදේශීය ලේකම් වරිය සංචිත ගතකිරීමෙන් වැසිය නොහැකි බරපතල කරුණු බව පමණක් මේ චෞර දේශපාලකයින්ද උන්ගේ පදයට නැටවෙන අස්ථි පංජර බිඳගත් නිලධාරීන්ටද දැන්විය යුතුව ඇත. බත් පිඟානට බෙදාගත් වට්ටක්කා ගෙඩිය බත් වලින් වැසීමට බැරි බව මේ අයට පෙන්වීම කාලීන අවශ්‍යතාවයකි.
මේ කරුණට අදාල රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් වරියගේ අස් කිරීමේ දැන්වීම ගැන කියන්නේ කුමක්ද?ප්‍රාදේශීය ලේකම් වරියගේ ගේ එම නිවේදනය අනුව තමන් ඒ භූමියේ සන්තකය දරන්නේ අවසර නොමැතිවද?ඔහුගේ පවුලේ නමින් ඇති භාරයකට ප්‍රදේශයේ ස්වාභාවික කන්දකට අයත් අක්කර හාරසීයක් පමණ නිදහස් දීමනා පත්‍රයකින් රජයෙන් ලබාගෙන එහි රජයේ මුදලෙන් කරන ලද ඉදිකිරීම් යොදාගෙන මුදල් උපයනවායි කියන්නේ ඇත්තද?ඒ හැර පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත යකඩ පාලමකුත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් තිස් අවුරුදු බද්දකට ගෙන තිබේද? මේ ප්‍රශ්නගත ඉඩමේ රජයේ ගොඩනැගිලිත් සමඟම පරිහරනය කරන්නේ කවර නම් නීත්‍යානුකූල අයිතියක් මතද?.එසේනම් ඒ අයිතිය ලැබුණේ කෙසේද? යන ප්‍රශ්න සමාජය ඉදිරියේ පැන නැගී ඇත.ප්‍රාදේශීය ලේකම් වරිය ස්ථාන මාරු කළාට ඒ ප්‍රශ්න යටපත් නොවේ.ඒ නිසා වැදගත් කමක් ඇති දේශපාලකයෙකු ලෙස එකී ප්‍රශ්නවලට රටට පැහැදිලි කිරීමක් සිදුකර තමන් නිවැරදි බව ඔප්පු කිරීමේ වගකීම රාජ්‍ය ඇමතිවරයාට ඇත.ඇමතිවරයාගෙන් මේ වගකීම අනුව පිළිතුරු ඉල්ලා සිටීමට ජනමාධ්‍ය, දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන, ක්‍රියාකාරීවීම අවශ්‍යවන්නේ ආත්මා දිල්රුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් විසින් ඉටු කළ නීත්‍යනුකූල රජකාරිය අර්ථන්විතව සම්පූර්ණ කරවීමටය.දේශපාලකයෙකුගේ පවුලේ බුදලයක් වන් පුද්ගලික භාරයකට අක්කර හාරසීයක කන්දකට අයත් ඉඩම් නිදහස් දීමනා පත්‍රයකින් දීම, පුරා විද්‍යා ස්මාරකයක් බවට පත්ව ඇති පාලමක් ඒ භාරයටම බදුදීම, භාරයකට පැවරූ දේපල සංවර්ධනයට රාජ්‍ය අරමුදල් යෙදවීම,රාජ්‍ය අරමුදලෙන් සංවර්ධනය කළ දේපල පෞද්ගලික දේපල සේ බූක්ති විඳීමට ඉඩ දී තිබීම යන චෝදනා සත්‍ය නම් ඒවා ප්‍රාදේශීය ලේකම් වරිය සංචිත ගතකිරීමෙන් වැසිය නොහැකි බරපතල කරුණු බව පමණක් මේ චෞර දේශපාලකයින්ද උන්ගේ පදයට නැටවෙන අස්ථි පංජර බිඳගත් නිලධාරීන්ටද දැන්විය යුතුව ඇත. බත් පිඟානට බෙදාගත් වට්ටක්කා ගෙඩිය බත් වලින් වැසීමට බැරි බව මේ අයට පෙන්වීම කාලීන අවශ්‍යතාවයකි.
සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති