ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ රූපවාහිනී විවාදයකට සූදානම් වන බවක් වාර්තා වේ.අනුර කුමාර දිසානායක ඊට දක්වන ප්‍රතිචාර අනුව ඇතැම් විට මෙම තීරණය හෙට හෝ අනිද්දා වන විට වෙනස් වන්නට ඉඩ ඇති වුවද, රූපවාහිනිය ඔස්සේ විකාශනය වන දේශපාලන සාකච්ඡා හා විවාද ලොව පුරා දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති බහුතර රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය අංගයක් බවට පත් වී ඇති බව පැහැදිලි ය. දේශපාලන නායකයන්ගේ මතවාද, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ප්‍රතිවාදීන් හමුවේ සිදුවන අසරණ වීම් ආදිය ඔස්සේ දේශපාලන ප්‍රේක්ෂකයන් දැනුවත්වීමක් මෙන්ම එක්තරා ආකාරයක වින්දනයක් ද ලබන බව පෙනෙන්නට තිබේ. මේවා අප රටේ ප්‍රචලිත වන්නට පටන් ගැනුණේ සාපේක්ෂව මෑත දශක දෙකක වැනි කාලයක සිට වුව ද මේවාට ඇත්තේ එයට වඩා දීර්ඝ ඉතිහාසයකි. ඒ සඳහා ඇමරිකානු ලිබරල් චින්තනය ඉවහල් වී ඇති බව කිව යුතු ය.
ලොව මුල්ම දේශපාලන විවාදය සිදුව ඇත්තේ, අදින් වසර 64 කට පෙර, එනම්, 1960 වසරේ සැප්තැම්බර් 26 වැනිදා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයන් වූ ජෝන් එෆ්. කෙනඩි සහ රිචඩ් නික්සන් අතර බැව් පෙනේ. මේ විවාදය දේශපාලන සන්නිවේදන ගමන් මාර්ගය සහමුලින්ම වෙනස් කළ එකක් බව සැලකේ. ලොව මුල්ම වරට මිලියන ගණනක ජනතාවකට සජීවී ව ජනාධිපති අපේක්ෂකයන් දකිමින් ඔවුන්ගේ අදහස්වලට කන් දෙන්නට හැකියාව ලැබිණි. මෙහිදී කෙනඩිගේ තිබූ දීප්තිමත් පෙනුමත්, නික්සන්ගේ තිබූ විඩාපත් පෙනුමත් මැනවින් දකින්නට හැකි විය. මේ ජනාධිපතිවරණයෙන් කෙනඩි ජයග්‍රහණය කළේය.
ඉතිහාසය දෙසට හැරී බලද්දී ලොව මුල්ම දේශපාලන විවාදය සිදුව ඇත්තේ, අදින් වසර 64 කට පෙර, එනම්, 1960 වසරේ සැප්තැම්බර් 26 වැනිදා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයන් වූ ජෝන් එෆ්. කෙනඩි සහ රිචඩ් නික්සන් අතර බැව් පෙනේ. මේ විවාදය දේශපාලන සන්නිවේදන ගමන් මාර්ගය සහමුලින්ම වෙනස් කළ එකක් බව සැලකේ. ලොව මුල්ම වරට මිලියන ගණනක ජනතාවකට සජීවී ව ජනාධිපති අපේක්ෂකයන් දකිමින් ඔවුන්ගේ අදහස්වලට කන් දෙන්නට හැකියාව ලැබිණි. මෙහිදී කෙනඩිගේ තිබූ දීප්තිමත් පෙනුමත්, නික්සන්ගේ තිබූ විඩාපත් පෙනුමත් මැනවින් දකින්නට හැකි විය. මේ ජනාධිපතිවරණයෙන් කෙනඩි ජයග්‍රහණය කළේය. මේ විවාදයට පෙර ඉදිරියෙන් සිටියේ නික්සන් වුව ද රුපවාහිනියේ දුටු කෙනඩිගේ ආකර්ෂණීය රුව මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්නට හේතු වූ බව පැවසේ. විවාදයේ දී දැක්වූ අදහස් අනුව බලන කල නික්සන් වඩාත් තාර්කික, ප්‍රගතිශීලි අදහස් ඉදිරිපත් කළ අතර කෙනඩිගේ අදහස් එතරම් ප්‍රබල නොවූව ද ඒ සියල්ලට ම වඩා කැමරාවට ගැළපෙන කෙනඩිගේ රුව පෙරට පැමිණ තිබිණි.ඒ අනුව ද්‍රශ්‍ය මාධ්‍යයක සිදුවන සජීවී විවාදයක සාධනීය බව කොතෙක් ද යන්න ඔබට වටහා ගත හැක.
මේ පළමු, ඓතිහාසික සජීවී රූපවාහිනී විවාදයෙන් පසු දේශපාලන විවාදයක තිබිය යුතු ආකෘතිය කෙමෙන් පරිණාමයට ලක් විය. 1970 සහ 1980 දශකය වන විට එක්සත් රාජධානිය, කැනඩාව සහ ප්‍රංශය ආදී ලොව පුරා බොහෝ රටවල ප්‍රධාන පෙළේ විවාද සියල්ලම රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සිදු විය.
1990 දශකය වන විට රූපවාහිනී විවාදවල ආකෘතිය වඩාත් ආකර්ෂණීය තත්වයකට පත් විය. මැදිහත්කරුවෙක්, කතා කරන්නට නිශ්චිත කාලයක්, ආර්ථිකය, සෞඛ්‍යය සහ විදේශ ප්‍රතිපත්ති වැනි නිශ්චිත මාතෘකාවක් ලබා දීම සිදු කෙරිණි. එමෙන්ම දෙදෙනෙකු අතර පමණක් මුලින් ම පැවති විවාද අපේක්ෂකයන් කිහිප දෙනෙක් අතර එකවර පැවැත්වීම දක්වා වර්ධනය විය. මෙය ඔස්සේ ප්‍රතිපත්ති සහ මතවාද පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගන්නට ජනතාවට හැකියාව ලැබිණි.නමුත් මින් ද වඩාත් ඉස්මතු වනුයේ එම අපේක්ෂකයන්ගේ බාහිර පෙනුම මෙන්ම ඔවුන් කරුණු ඉදිරිපත් කරන විලාසය මිස ඔවුන් ගේ සැබෑ දැක්ම නොවන බවට ද මතවාද පැතිරුණි.නිදසුනක් ලෙස යම් පැහැදිලි ආර්ථික හා දේශපාලන දැක්මක් සහිත; එහෙත් විවාදයක දී තමන් හමුවට එන අභියෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්විය නොහැකි අපේක්ෂකයන් මෙහි දී විවිධ අකරතැබ්බ වලට පත් විය හැකි බව ද අවධාරණය වී තිබේ.
මේ දේශපාලන විවාද අතරතුර ලෝකයේ කතාබහට ලක් වූ සුවිශේෂී අවස්ථාවන් ද දක්නට හැකි විය. 1988 වසරේ දී ලොයිඩ් බෙන්ට්සන් සහ ඩෑන් ක්වෙයිල් අතර පැවති විවාදයේ දී වයසින් අඩු සේම අත්දැකීමෙන් ද අඩු ක්වෙයිල්, තමා ද කෙනඩි වැනි නායකයෙක් යැයි පැවසුවේය. එහිදී වයසින් වැඩි සේම අත්දැකීම්වලින් ද බහුල බෙන්ට්සන්, “මන්ත්‍රීතුමා, ඔහේව කෙනඩිගේ අහලින්වත් තියන්න බෑ” යැයි පැවසුවේය. එවැනි ප්‍රකාශයක් තමා කිසිසේත්ම අපේක්ෂා නොකළ බව ඔහුගෙන් මනාව දිස් වූ අතර ඔහු පත් වූ දුෂ්කර තත්ත්වය සහ අත්දැකීම් අඩු බව මිලියන ගණනක ජනතාව දුටුවේ ය.
2016 වසරේ දී ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර පැවති විවාදයේ දී ට්‍රම්ප් විසින් හිලිරි ක්ලින්ටන්ව දිගින් දිගටම සමච්චලයට ලක් කරමින්, ඇතැම් අවස්ථාවල දී, “ඒ වෙනකොට ඔහේ ඉන්නේ හිරේ” යැයි පවසමින් හිලරිගේ මානසිකත්වට බිඳ වැට්ටවීමට ගත් උත්සාහයන් ප්‍රේක්ෂකයෝ හොඳින් දුටුවහ.
වර්තමානය වන විය දේශපාලන විවාද සාම්ප්‍රදායික රූපවාහිනී නාලික ඔස්සේ පමණක් නොව youtube ‘twitter(x) facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ද සජීවීව බහුලව සිදුවනු දක්නට ලැබේ. සමාජ ජාල ඔස්සේ සජීවීව සිදුවන වාද විවාදයන්හි ඇති වෙනස සහ වාසිය වන්නේ ඔවුන් දක්වන අදහස් පිළිබඳ ප්‍රේක්ෂකයන්ට සජීවීව අදහස් උදහස් දැක්වීමේ හැකියාව පැවතීම ය. එමෙන්ම මේ වාද විවාද අවසන් වීමෙන් පසු ඒවයේ අන්තර්ගත තම තමන්ට වාසිදායක කොටස් වෙන් වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරමින් ආශ්වාදයක් ලැබීමේ ප්‍රවණතාවයන් ද දක්නට ලැබේ.
රූපවාහිනී විවාද නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය ම අංගයක් වුව ද ඒ පිළිබඳ ද විවේචන පවතී. එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ මේ වාද විවාද බොහෝ අවස්ථාවන්හි දී පෞද්ගලිකත්වය උලුප්පා දැක්වීම් බහුලව සිදුවන බවත්, එහිදී අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධව ගැඹුරු සංවාදයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව අහිමි වී යන බවත්ය.නිදසුනක් ලෙස මෙවන් අපේක්ෂකයකු නවීන ලෝකය හමුවේ ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය වලංගු වන්නේ කෙසේ ද යනුවෙන් නැඟෙන පැනයකට පිළිතුරු දෙනු වෙනුවට තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති හින්දා රටට මේ සිද්ද වුණු හරිය මදිද?යනුවෙන් පිළිතුරක් ලැබුණ හොත් බුද්ධිමත් ජනතාව කෙසේ වෙතත් එය සාමාන්‍ය සමාජය හමුවේ ජනානන්දනීය පිළිතුරක් වනු ඇත. එමෙන්ම කැමරා ඉදිරියේ දී අපහසුතාවයන්ට ලක්වන අපේක්ෂකයන්ට එය ඉතා අයහපත් අන්දමින් බලපාන බැව් ද එල්ලවන තවත් චෝදනාවකි.
බ්‍රසීලය, ඉන්දියාව සහ ජර්මනිය වැනි රටවල, එක්සත් ජනපදයේ සිදු වූවා මෙන් දේශපාලන විවාද නිසා ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් වූ අවස්ථාවන් ද දක්නට හැකි විය. විශේෂයෙන් ඉන්දියාව තුළ දේශපාලන විවාද මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව හොඳින්ම තහවුරු වී තිබේ.
රූපවාහිනී විවාද නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය ම අංගයක් වුව ද ඒ පිළිබඳ ද විවේචන පවතී. එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ මේ වාද විවාද බොහෝ අවස්ථාවන්හි දී පෞද්ගලිකත්වය උලුප්පා දැක්වීම් බහුලව සිදුවන බවත්, එහිදී අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධව ගැඹුරු සංවාදයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව අහිමි වී යන බවත්ය.නිදසුනක් ලෙස මෙවන් අපේක්ෂකයකු නවීන ලෝකය හමුවේ ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය වලංගු වන්නේ කෙසේ ද යනුවෙන් නැඟෙන පැනයකට පිළිතුරු දෙනු වෙනුවට තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති හින්දා රටට මේ සිද්ද වුණු හරිය මදිද?යනුවෙන් පිළිතුරක් ලැබුණ හොත් බුද්ධිමත් ජනතාව කෙසේ වෙතත් එය සාමාන්‍ය සමාජය හමුවේ ජනානන්දනීය පිළිතුරක් වනු ඇත. එමෙන්ම කැමරා ඉදිරියේ දී අපහසුතාවයන්ට ලක්වන අපේක්ෂකයන්ට එය ඉතා අයහපත් අන්දමින් බලපාන බැව් ද එල්ලවන තවත් චෝදනාවකි. එමෙන්ම මේ වාද විවාද වලට වාණිජමය අනුග්‍රහයන් ලබා ගැනීම නිසා, වෙළෙඳ දැන්වීම් විකාශනය කරන්නට විවාද මඳකට නතර කිරීම තුළින් එහි ඇති ප්‍රාණවත් බව, උද්‍යෝගිමත් බව තුරන්ව යන බව තවත් එක් චෝදනාවකි.
රූපවාහිනී දේශපාලන වාද විවාද, 1960 වසරේ නික්සන්-කෙනඩි හමුවීමේ සිට මේ දක්වා බොහෝ දුරක් පැමිණ තිබේ. මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑම් කරමින්, අමතක නොවන සිදුවීම් මවමින් සිදු වන මේ වාද විවාද නූතන දේශපාලනය තුළ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී හමාර ය. ඩිජිටල් වේදිකා වර්ධනය වීමත් සමග අනාගත දේශපාලන වාද විවාද වඩ වඩාත් ආකර්ෂණීය තත්වයකට පත් වනු ඇති බව ඉඳුරාම පැවසිය හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක