දේශපාලන පක්ෂවලට කොමිසමෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු තුළ මතුවී ඇති අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම් දී තිබේ.

ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරන්නේ පක්ෂවල ලේකම්වරුන් සමඟ පමණක් බවයි.

ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්