දේශබන්දු ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 , 25 විභාගයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.කොළඹ අග රදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 08ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.එම පෙත්සම් අද( 11) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහි වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එම විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලදී.අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් ගොනු කර ඇති අතර ඊට එරෙහිව පෙත්සම්කාර පර්ශ්වද තවත් මෝසම් ඉදිරිපත් කර තිබේ.එම මෝසම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඒවා අග විනිසුරුවරයා වෙත යොමු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.

කාලීන පුවත්