මේ වන විට ධුරයේ වැඩ අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) භාරවීම පිණිස මාතර අධිකරණය වෙත ගොස් ඇති බව වාර්තා වෙයි. දේශබන්දු තෙන්කෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර අදට දින 20ක් ගතව තිබේ.ඔහු සතු දේපොළ හඳුනා ගැනීම සහ ලැස්තුගත කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) ආරම්භ කරන ලදී. පොලිසිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක බවයි. මේ අතර, වැඩබලන පොලිස්පති වරයාගේ සෘජු අධික්ෂණයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර පොලිසිය පැවසුවේ එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගය ද ලබා ගත් බවයි.