දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස්

එකතු කළ අගය මත බදු ( වැට් ) සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවයි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් සියයට 50ක් අඩංගු විය යුතු බවයි

කාලීන පුවත්