දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මිලියන 11,355 ක අදායමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා මාස අටක කාලය තුළදී ඔට්ටු සහ සූදු බද්ද වශයෙන් රුපියල් මිලියන 11,355 ක අදායමක් උපයා තිබේ.

එම මාස අටක කාලය තුළදී දෙපාර්තමේන්තුව උපයා තිබෙන සම්පූර්ණ බදු ආදායම රුපියල් මිලියන 1,229,245ක් බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළාය.

ඒ අනුව සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද රුපියල් මිලියන 624,439 ක්ද, එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 468,863 ක්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 122,917 ක්ද, කොටස් ගනුදෙනු බද්ද රුපියල් මිලියන 1,453 ක්ද, වෙනත් බදු වර්ගවලින් රුපියල් මිලියන 219ක්ද උපයාගෙන තිබේ.

කාලීන පුවත්