දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉකුත් මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනලදි.

මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කරනලදි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.

කාලීන පුවත්