තර්ජනය කරමින් වැඩ වර්ජන කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් ,තාක්ෂණ ශිල්පීන්, ඖෂධ වේදීන් උපස්ථායකයන් ආදී රෝහල් සේවාවල නිරත අය මෙන්ම සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර නිලධාරීන් වන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ද පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ද ඇතුලත් ය. වාසනාවට තවම හෙද සේවාවේ වැඩි දෙනෙකු මේ තර්ජනාත්මක වර්ජන ත්රස්තවාදයට යොමු වී නැත.
එදා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි දෙන විට නොපැකිලව ඒවා ලබා ගත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් අද මාණ්ඩලික නිලධාරීන් වන වෛද්‍යවරුන්ට ප්‍රවාහනය හා රාජකාරිය නිසා පෞද්ගලික ජීවිතයට ඇතිවන බාධාවන් වල හිලව්වට ගෙවන දීමනාව ද ඉල්ලා සටන් කරන්නේ නිල හෝ නිල නොවන ඇඳුම් ඇඳගෙන දැයි විමසිය යුතුව ඇත.
ඩැට් එකේ අප්සෙට් එක තවම සනීප වී නැත. සාමාන්‍යයෙන් මානසික අසනීප ඇති රෝගීන් සිතා ඉන්නේ තමන් නිරෝගී කියා ය. තමන්ව රෝගීන් කියා හඳුන්වන අති මහත් බහුතරයටම පිස්සු යැයි ඔව්හු පවසති.රාජ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ “ඩැට් එක” නිසා අප්සෙට් ගැසූ අනිකුත් සෞඛ්‍ය සේවාවන් ද සිතා සිටින්නේ ද ඒ අන්දමට ය. ඒ අනුව වෛද්‍යවරුන්ට ගෙවන ඩැට් දීමනාව තමන්ටත් ලැබිය යුතු බව ඔවුහු සිතා සිටිති.ඩැට් කියන නමින් දෙන්න බැරි නම් “ඩොට්” ආදී වශයෙන් වන වෙන මොන නමකින් හෝ දොස්තරලාට දීපු තිස් පන් දාහම තඹ සල්ලි අලුක් කාලක් අඩු නැතුව තමන්ටත් ඕනෑ බව ඔවුහු එක හෙලා කියති. එසේ නොදෙන්නේ නම් ඒ අය අඛණ්ඩව වැඩ වර්ජනය කරන බවට ද තර්ජනය කරමින් සිටිති.මේ අන්දමින් තර්ජනය කරමින් වැඩ වර්ජන කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් ,තාක්ෂණ ශිල්පීන්, ඖෂධ වේදීන් උපස්ථායකයන් ආදී රෝහල් සේවාවල නිරත අය මෙන්ම සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර නිලධාරීන් වන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ද පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ද ඇතුලත් ය. වාසනාවට තවම හෙද සේවාවේ වැඩි දෙනෙකු මේ තර්ජනාත්මක වර්ජන ත්රස්තවාදයට යොමු වී නැත.
සාමාන්‍යයෙන් මාණ්ඩලික මට්ටමේ සේවාවන් සඳහා ලබා දෙන ඇතැම් පහසුකම් ඊට පහලින් ඇති අනෙකුත් මට්ටම් වලට ලබාදෙන්නේ නැත.වෛද්‍ය වරුන්ගේ ඩැට් දීමනාව යනු ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් හා රාජකාරිය නිසා පෞද්ගලික ජීවිතයට ඇතිවන බාධාවන් වෙනුවෙන් ගෙවන දීමනාවකි. දැන් වැඩ වර්ජනය කර තර්ජනාත්මක සටනකට බැස සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සියල්ලෝම කලකට පෙර රාජ්‍ය සේවාවේ ක්ෂේත්‍ර නිලධාරි ගණයන්ට ලබා දුන් රුපියල් පනස් දාහේ යතුරු පැදි ලබා ගත්හ.එදා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි දෙන විට නොපැකිලව ඒවා ලබා ගත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් අද මාණ්ඩලික නිලධාරීන් වන වෛද්‍යවරුන්ට ප්‍රවාහනය හා රාජකාරිය නිසා පෞද්ගලික ජීවිතයට ඇතිවන බාධාවන් වල හිලව්වට ගෙවන දීමනාව ද ඉල්ලා සටන් කරන්නේ නිල හෝ නිල නොවන ඇඳුම් ඇඳගෙන දැයි විමසිය යුතුව ඇත.රෝහල් කාර්ය මණ්ඩලවල තාක්ෂණ නිලධාරීන් වෘත්තීයවේදීන් ඖෂධවේදීන් ආදීන් අයත් වන සේවාවන් මාණ්ඩලික මට්ටමේ සේවාවන් නොවේ.ඒ නිසා රාජකාරියට පැමිණීම සඳහා වාහන පහසුකම් ඔවුන් වෙත සැපයීමක් සිදු නොවේ.රෝහල් සේවාවේ උපස්ථායකයින් කියා හඳුන්වන නිලයක් දරණ කන්ඩායමක් දක්නට ඇත.
බොහෝ තාක්ෂණික ශිල්පීහු රාජකාරි වෙලාවෙන් පසුව පුද්ගලික රසායනාගාරවල පුද්ගලික සේවයේ යෙදෙති.මේ ඩැට් එකේ අප්සෙට් එකෙන් පෙලෙන සියලුම කාර්ය මණ්ඩල දවසේ නියමිත සේවා මුරයක පමණක් සේවයේ යොදවන අය වෙති.තමන්ට නියමිත සේවාමුරය සම්පූර්ණ කර මිටෙන් හළ කුරුල්ලන් මෙන් ගෙදර ගිය පසු හදිසියේ රෝහලට එන්නයැයි ඒ අයට කැඳවීම් ලැබෙන්නේ නැත.ඒ නිසා ඒ අයගේ දෛනික සේවය නිම වූ පසු ගත කරන පෞද්ගලික ජීවිතයට රාජකරියෙන් බාධාවක් සිදු නොවේ.ඒනිසා ඔවුන්ට රාජකාරි බාධා දීමනාව දිය නොහැක .මාණ්ඩලික මට්ටමේ සේවාවන් නොවන නිසා ප්‍රවාහනය වෙනුවෙන් දීමනාවක් දිය නොහැක.
යම් හෙයකින් මොවුන්ගේ තර්ජනයන්ට යටවී මේ දීමනාවෙන් සුලු මුදලක් හෝ මොවුන්ට ගෙවන්න රජය තීරණය කළොත් රාජ්‍ය සේවාවේ මාණ්ඩලික නොවන සියලු සේවාවන් වල දස ලක්ෂය ඉක්මවූ පිරිස් මේ දීමනාව ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එක්වීම අනිවාර්ය වේ.ඒනිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාවක් ගෙවීම රජය විසින් අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කනෝ කනෝ කියා කෑ ගැසීමක් ගැනීමක් වනු ඇත.
එසේ වුවද ඔවුන් රෝගීන් සඳහා උපස්ථාන කටයුතු සිදුකරනු අප නම් දැක නැත.රජයේ රෝහලක නේවාසිකව සිටින රෝගියෙකු බලා ගැනීමට; රෝගියාට ආහාර පාන ලබාදීමට පිරිසිදු කිරීමට ආදී උපස්ථායක කටයුතු සිදු කිරීමට නම් රෝගියාගේ ඥාතීයකු රෝගියා ළඟ නතර විය යුතු ය.නැත්නම් මුදල් ගෙවා පෞද්ගලික උපස්ථායකයෙකු නතර කළ යුතු ය.එහි දී ඇතැම් උපස්ථායක වරුන් කරන උපස්ථානය නම් පෞද්ගලික උපස්ථායක ආයතන වල දුරකථන අංක රෝගියාගේ ඥාතීන්ට දිගු කිරීම ය.ඒ එම ආයතන වලින් ලැබෙන සන්තෝසමක් වෙනුවෙනි.ඔවුන් ගේ ඒ උපදෙස් පිළිපැදීමට ජනතාවට සිදුව ඇත්තේ මහජන මුදලින් වැටුප් ගෙවන දීමනා ගෙවන උපස්ථායකයින් කියා ජාතියක් රජයේ රෝහල් වල සේවයේ සිටියදීම ය.මේ අන්දමින් උපස්ථායක නාමය දරණ රෝගීන්ගේ උපස්ථාන කටයුතු නිසි ලෙස නොකරමින් වැටුප් ලබන අය ද වෛද්‍යවරුන්ට ගෙවන ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් හා රාජකාරිය නිසා පෞද්ගලික ජීවිතයට ඇතිවන බාධාවන් වෙනුවෙන් ගෙවන දීමනාව හෙවත් ඩැට් එක ඉල්ලමින් වැඩ වරා ඇත. මේ අතර බොහෝ තාක්ෂණික ශිල්පීහු රාජකාරි වෙලාවෙන් පසුව පුද්ගලික රසායනාගාරවල පුද්ගලික සේවයේ යෙදෙති.මේ ඩැට් එකේ අප්සෙට් එකෙන් පෙලෙන සියලුම කාර්ය මණ්ඩල දවසේ නියමිත සේවා මුරයක පමණක් සේවයේ යොදවන අය වෙති.තමන්ට නියමිත සේවාමුරය සම්පූර්ණ කර මිටෙන් හළ කුරුල්ලන් මෙන් ගෙදර ගිය පසු හදිසියේ රෝහලට එන්නයැයි ඒ අයට කැඳවීම් ලැබෙන්නේ නැත.ඒ නිසා ඒ අයගේ දෛනික සේවය නිම වූ පසු ගත කරන පෞද්ගලික ජීවිතයට රාජකරියෙන් බාධාවක් සිදු නොවේ.ඒනිසා ඔවුන්ට රාජකාරි බාධා දීමනාව දිය නොහැක .මාණ්ඩලික මට්ටමේ සේවාවන් නොවන නිසා ප්‍රවාහනය වෙනුවෙන් දීමනාවක් දිය නොහැක.මේ නිසා ඩැට් එක නැත්නම් රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාව ඔය වැඩ වර්ජනය කරමින් සෞඛ්‍ය සේවා කඩාකප්පල් කරන ඊනියා සටන් කරුවන්ට නීත්‍යානුකූලවම ලබා ගත නොහැක. යම් හෙයකින් මොවුන්ගේ තර්ජනයන්ට යටවී මේ දීමනාවෙන් සුලු මුදලක් හෝ මොවුන්ට ගෙවන්න රජය තීරණය කළොත් රාජ්‍ය සේවාවේ මාණ්ඩලික නොවන සියලු සේවාවන් වල දස ලක්ෂය ඉක්මවූ පිරිස් මේ දීමනාව ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එක්වීම අනිවාර්ය වේ.ඒනිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාවක් ගෙවීම රජය විසින් අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කනෝ කනෝ කියා කෑ ගැසීමක් ගැනීමක් වනු ඇත.
සෞඛ්‍ය සේවාවේ මේ ඇති වී තිබෙන තත්වය වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ ඇතිවී තිබෙන විපරීතය තේරුම් ගැනීමට ඇති හොඳම උදාහරණයකි.අප රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය, විදුලි බලය, දුම්රිය ප්රවාහණය, වරාය වැනි සේවාවල වැඩි කොටස පවත්වාගෙන යන්නේ රජයයි.මේ රජය පවත්වාගෙන යන සේවාවන් බොහොමයක් රාජ්‍ය ඒකාධිකාරය මත තිබියදී ඒවායේ වෘත්තීය සමිති වල ආශීර්වාදය මත හා ඔවුන් අනු දැන වදාළ ප්‍රමාණයට පමණක් පෞද්ගලික අංශයේ සේවාවට ඉඩ දී ඇති ක්ෂේත්‍ර වේ.සෞඛ්‍ය ක්ෂේත්රයේ යම් ඉඩක් පෞද්ගලික අංශයට ලබා දී ඇතත් පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ දෙකේම වෘත්තීය සේවා සපයන්නේ වැඩි වශයෙන් එකම පිරිසකි.බොහෝ වෘත්තීය සෞඛ්‍ය සේවාවන් සපයන නිලධාරීහු පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතන වලට ද ඉතා සුහද හා නම්‍යශීලී ලෙස එකී සේවාවන් සපයමින් සිටිති.මේ අය කිසිම දිනක පෞද්ගලික අංශයේ ආයතන වලට සපයන සේවාවන් වලට අදාල ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනය කරන අය නොවේ. එමෙන්ම රාජ්‍ය සේවාවේ වෙනත් අංශවල සේවකයින් සඳහා පෞද්ගලික සේවාවේ යෙදීමට අවසර නැතත් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සේවාවන් වල සාමාජිකයින් පෞද්ගලික සේවයේ නිරත වීමට ද ඉඩකඩ හදාගෙන සිටිති.අධ්‍යාපනයේ ද තත්වය මෙයම ය.පෞද්ගලික අධ්‍යාපන සේවාවල නිරත සැලකිය යුතු පිරිසක් රජයේ පාසැල් පද්ධතියේම සේවය කරන්නෝ ය. විදුලි බල, දුම්රිය, වරාය වැනි සේවාවන්වල වැඩ වර්ජන යනු සුලභ දේ ය.මේවා මහජනයාට බෙහෙවින් සංවේදී සේවාවන් නිසා ඒවායේ වෘත්තීය සමිති ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමේ පහසුම ක්‍රමෝපාය ලෙස භාවිතා කරන්නේ වැඩ වර්ජනය කිරීම ය. විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරීන් ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බද්ද මණ්ඩලයේ අරමුදලින් ගෙවීම, එම ආයතනයේ සේවකයින් ලබා ගන්නා බැංකු ණය මුදල්වල පොලිය ආයතනයෙන් ගෙවීම, සැම වසර තුනකට වරක් වැටුප 25%කින් වැඩිකර ගැනීම බඳු පහසුකම් ඒ ආයතන සේවකයින් හදාගෙන ඇත්තේ වර්ජන තර්ජන ගර්ජන වලිනි.දුම්රිය සේවාව වර්ජන කරන්නේ මගී ප්‍රවාහනය අතර මැදදී ය.මෙය අමුතුම වැඩ වර්ජන සංස්කෘතියකි. මේ රටේ දුම්රියක ගමනක් යන මගියෙකු පෙලෙන ප්‍රධාන බියක් වන්නේ අතරමැද නැවතුම් පොලක දුම්රිය නවතා ක්ෂණික රියදුරන් වර්ජනයක් පටන් ගනී ද යන බියයි.
වෛද්‍ය වරුන්ට ලබාදෙන ඩැට් දීමනාව අතිශය සාධාරණ හේතු මත ඉහළ දැමීමට තීරණය කළ සැනෙන් කොවිඩ් කාලේ මයික් ටයිසන් කෙනෙකු වී වීරයාට ඇන්ද තමන්ගේ වෘත්තිය හැර අන් සියල්ලම කරන වෘත්තීයවේදී පිංගුත්තරයෙකුගේ නායකත්වයෙන් ඇති වෘත්තීය සමිතියක් වර්ජනයක් කර අහිංසක රෝගීන් ඉදිරියේ සිය තිරශ්චීන භාවය මැනවින් ප්‍රදර්ශනය කළේය.ඉන්පසු ඒ ජාතියේම මයික් ටයිසන්ලා වුණු වෘත්තීය සමිති නායක රැලක් ඒකාබද්ධ කරගෙන එකම සේවයකට වෙනස්ව සලකන බවට අපබ්‍රංස කතාවක් කියමින් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සිටිති.
රජය සපයන මහජන සේවාවන් ඕනෑම එකක ඇත්තේ එබඳු තත්වයකි.ඒවායේ ඊනියා වෘත්තීය සමිතිවලට කිසිදු නීතියක් නොමැත කිසිදු සදාචාරයක් ද නැත.මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට සපයන සේවා නතර කර ආණ්ඩුව බිය ගන්වා තමන්ට ඇවසි ඉල්ලීමක් දිනා ගැනීම ඔවුන්ගේ සිරිතයි.මේ මාෆියා පන්නයේ වෘත්තීය සමිති නායකයෝ තමන්ගේ වෘත්තීය සමිතියේ නිලතල දරණ අතර සමාජය හමුවේ පෙනී සිටින්නේ ජනතා අයිතීන් සුරකින සිවිල් සංවිධන නායකයින් ලෙසට ය.බොහෝ විට ඔව්හු ඒ හරහා යම් යම් ජ්‍යාත්‍යන්තර සංවිධාන වලින් ද වාසි ලබා ගනිති.එමෙන්ම ඔවුහු කලින් කලට බලය දැරීමට ආසන්න තත්වයේ සිටින දේශපාලකයින්ට උදව් උපකාර කර ඔවුන් බලයට ගනීමට ද සහය දෙති.ඒ තුළින් ඔවුහු සැලකිය යුතු සිවිල් බලයක් සහිත චරිත හෙවත් කට වහරට අනුව කිව හොත් “පොර වල්” බවට පත් වෙති.ඉන්පසුව මහජනතාව ඡන්දයෙන් පත්කරන ආණ්ඩු තම රූකඩ බවට හරවා ගෙන වර්ජන තර්ජනයෙන් තමන්ට ඇවසි ඕනෑම දෙයක් දිනා ගැනීම ඔවුන්ගේ ක්‍රමයයි. මේ වර්ජනයන්ට ජනතාව වෙනුවෙන් ඉතාම හොඳින් මුහුණ දුන්නේ විදුලි බල ඇමති කාංචන විජේසේකරයි.ඔහු විදුලිබල මණ්ඩලයේත් ඛනිජතෙල් සංස්ථාවේත් මාෆියා වෘත්තීය සමිති වලට නියම අන්දමින් මුහුණ දෙමින් සිටියි.
සෞඛ්‍ය සේවයට ද අද වනවිට අවශ්‍යව ඇත්තේ කාංචන විජේසේකර මොඩලයේ පාලනයකි. වෛද්‍ය වරුන්ට ලබාදෙන ඩැට් දීමනාව අතිශය සාධාරණ හේතු මත ඉහළ දැමීමට තීරණය කළ සැනෙන් කොවිඩ් කාලේ මයික් ටයිසන් කෙනෙකු වී වීරයාට ඇන්ද තමන්ගේ වෘත්තිය හැර අන් සියල්ලම කරන වෘත්තීයවේදී පිංගුත්තරයෙකුගේ නායකත්වයෙන් ඇති වෘත්තීය සමිතියක් වර්ජනයක් කර අහිංසක රෝගීන් ඉදිරියේ සිය තිරශ්චීන භාවය මැනවින් ප්‍රදර්ශනය කළේය.ඉන්පසු ඒ ජාතියේම මයික් ටයිසන්ලා වුණු වෘත්තීය සමිති නායක රැලක් ඒකාබද්ධ කරගෙන එකම සේවයකට වෙනස්ව සලකන බවට අපබ්‍රංස කතාවක් කියමින් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සිටිති.මේ ගොබ්බයින් ටයි එකක් පළඳින්නේ මයික් වලට වාචාල කයිවාරු දෙසූ පසු කට වටේ තැවරෙන කුණුකෙල පිහදාගන්නට වියයුතු ය. මේ අය කියන්නේ වර්ජනය උන්ගේ අයිතියක් කියා ය.ආණ්ඩු ක්‍රම ව්‍යාස්ථාවට අනුව වෘත්තීය සමිතියකට බැඳීම මූලික අයිතියක් වුණාට වැඩ වර්ජනය මූලික අයිතියක් නොවන බව මුන් එකෙක් වත් දන්නා පාටක් නැත. වැඩ වර්ජනයකට යාම යනු සේවකයෙකුට ඇති අවසානතම සාධාරණ අවියයි.ඒත් මුන් පටන් ගන්නේම වැඩ වර්ජනයෙනි.ආණ්ඩුවට කොන්දක් ඇත්නම් කළ යුත්තේ මෙලෙස “තගරි” ස්වරූපයෙන් වර්ජනය කරන සෑම දිනයක් සඳහාම වැටුප් නොගෙවීමට තීරණය කිරීම ය.අත්‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවයේ අයුක්ති සහගත වැඩ වර්ජන තහනම් කිරීම ය.එය නොතකා ක්‍රියා කරන වෘත්තීය සමිති ලොක්කන් අධිකරණය ඉදිරියට පමුණුවා නීති මගින් ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ යුතු ය.දැන් මේ ඊනියා වර්ජන තර්ජනයට මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. ආණ්ඩුව පැත්තෙන් මේ ගැන කිසිදු පැහැදිලි ප්‍රකාශයක් කළේ ද නැත.ඇතැම් විට ළඟ එන ඡන්දය නිසා මේ මාෆියා කාර නායකයින් තරහ කරගෙන බැරියයි ආණ්ඩුව හිතනවා වන්නට පුලුවන.එසේ වුවද රටේ පරමාධිපත්‍ය බලය සහිත මහජනතාවට රජයෙන් සැපයෙන සේවා සම්පාදනයට බාධා කරන මේ ඊනියා වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව ක්‍රියා කර මෙම තර්ජන ගර්ජන පදනම් කර ගත් වර්ජන හනික අවසන් කිරීමට ක්‍රියා කළ යුතු ය. ආණ්ඩුව එසේ නොකළොත් අහිංසක මහජනතාව මේ බරපතල අර්බුදය හමුවේ බකං නිලාගෙන හිඳින ආණ්ඩුවටත් පාඩමක් උගන්වනු ඇත.
සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති