පසුගිය දින හතර පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය වරු අද(25) සේවයට වාර්තා කොට ඇත.එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, ඊයේ (24) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයට එළැඹී බවකි.
වෛද්‍ය ස්ථාන මාරුවීම් සඳහා එම සංගම් නියෝජිත සහභාගීත්වයෙන් යුතු මාරු මණ්ඩල පදනමින් තොරව කටයුතු කිරීමට අමාත්‍යංශය කටයුතු කිරීම ඇතුළු කරුණු හයක් මුල් කොට මෙම වැඩ වර්ජනය සංවිධානය කොට තිබූ අතර සමස්ත රජයේ වෛද්‍ය වරුන්ට බලපාන ප්‍රශ්න පොදුවේ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වරයා විසින් විශේෂ කමිටුවක් පත් කොට ඇත.නමුදු මෙම වෛද්‍ය වර්ජනය ඒක පාර්ශවීය වශයෙන් ගනු ලැබූ අත්තනෝමතික තීරණයක් මත ක්‍රියාත්මක වන්නක් බවට විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඇතුළු සංවිධාන ගණනාවක් චෝදනා කොට තිබේ.