ධනුෂ්ක ගුණතිලක නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ව විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය නියෝග කොට ඇත. ඔහු පැමිණිලිකාර කාන්තාව සමඟ කායික.ඇසුරක් පවත්වන අවස්ථාවේ එම කාන්තාව නොදැනුවත්ව ඔහු අනුගමනය කරමින් සිටි ආරක්‍ෂිත ක්‍රමය ඉවත් කිරීමට ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් නොතිබුණ බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පෙනී ගිය බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා ඇත.එසේම පොලිසියට සාක්ෂි ලබා දීමේදී ධනුෂ්ක ගුණතිලක සත්‍ය කරුණුම පවසා ඇතැයි විනිසුරු වරිය ප්‍රකාශ කර තිබේ.

 

කාලීන පුවත්