ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුණු ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුව ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙතෙක් දැනුම්දීමක් කර නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.එනිසා ඔහු ඉවත් වූ පසු පත් කරන්නේ කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.නමුදු ඒ මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වරයා වශයෙන් වැඩ භාරගත් විගසම එවක අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමති ධුරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් රටට විදේශ විනිමය ගලා ඒමට නම් ඔහු මුදල් ඇමති පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව කියා සිටියේය.මෙම තත්වය තුළ ඔහුට නව ඇමති මණ්ඩලයට ඇතුලත් කර නොගනු ඇති බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.