ඉන්ධන හිඟය නිසා ධීවර කර්මාන්තය මුහුණ පා ඇති බරපතල අර්බුදයට පිළියම් වශයෙන් සියළුම ධීවර කාර්මිකයන්ට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබා දීමට ලබාදිමට ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.සාමාන්‍යයෙන් ඉන්ධන මගින් ධාවනය වන ධීවරවර බෝට්ටු දෙදහසක් පමණ දෛනිකව ධිවර කටයුතුවල යෙදෙන මුත් ඉන්ධන ගැටලුව හේතුවෙන් දිනකට ධීවර කටයුතුවල නිරත වන යාත්‍රා සංඛ්‍යාව 200 දක්වා පහළ බැස ඇති බව වාර්තා වී ඇත. මෙය ධීවර පවුල්වල එදිනෙදා දිවි පැවැත්ම අඩාල වීමට ද හේතු වී තිබේ ඊට අමතරව මත්ස්‍ය ව්‍යාපාරිකයින්ට හා ඒ ආශ්රිත රැකියාවල නිරත වූ පිරිස් වලට ද රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී තිබේ. මත්ස්‍ය අස්වැන්න නොලැබිම නිසා මාඵ මිලගණන් ඉතා ඉහළ මට්ටමක පැවතීම මත මාඵ පරිභෝජනයට ගැනීම සියයට 90 කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව ඉදිරි සතිය තුළ මෙම ගැටලු බොහොමයකට සාර්ථක විසඳුම් ලද හැකි බව ධීවර අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.