ජනාධිපති මුක්තියට මුවා වෙලා නඩු 35කට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට නම් හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ කියලා”. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.ඔහු එසේ පැවසුවේ “ජන පීඩක ආණ්ඩුව පන්නමු ! ජනතාවාදී පාලනයක් ගොඩනඟමු !” මැයෙන් බණ්ඩාරගම රයිගම ප්රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.”ගෝඨාභයට ජනාධිපතිකමට ඉල්ලන්න කලින් නඩු තොගයක් තිබුණා. අලි සබ්රි මහත්තයා තමයි කිව්වේ නඩු 35ක් තිබ්බලු, එයා තමයි ඒවට පෙනී හිටියේ කියලා. ඒ නඩුව හරියට ඇහුවේ නැහැ.ජනාධිපති වුණාට පස්සේ මොකද වුණේ? ජනාධිපතිට තියෙනවනේ මුක්තිය කියලා එකක්. ඒ නිසා ජනාධිපති උසාවි ගේන්න බැහැ. ඒ නිසා ඒ නඩු එකක්වත් ක්රියාත්මක වුණේ නැහැ.ඔන්න දැන් අවස්ථාවක් තියෙනවා පරණ නඩු ටික අහන්න. අපි හිතනවා නීති අංශ ඉන්න කවුරුත් එකතුවෙලා පරණ නඩු ටික ආපහු එළියට ගනී කියලා. අපිට බලන්න පුළුවන් ගෝඨාභය උසාවි ගිහින් නඩුවලට උත්තර දෙන හැටි.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.