නත්තලට සහ අලුත් අවුරුද්දට විශේෂ පොදු ප‍්‍රවාහන සේවා

නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද(23) සිට විශේෂ පොදු ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ මගී අවශ්‍යතාව මත පදනම් ව අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බවකි.මේ අතර දුම් රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් බදුල්ල සහ කන්කසන්තුරය දක්වා ඉහළට සහ පහළට වශයෙන් අතිරේක දුම් රිය අටක් ද ධාවනය කෙරෙන බවකි.

කාලීන පුවත්