මෙම නත්තල් දිනයේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍ර හිමි හෝටල්, අවන් හල් වල මත්පැන් අලෙවි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබීම පිළිබඳව කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සිය අප්‍රසාදය පළ කරති.
එහි දී උන් වහන්සේ පෙන්වා දෙන්නේ අපගේ සංස්කෘතිය තුළ වෙසක් උත්සවය මෙන් ආධ්‍යාත්මික වටිනා කමකින් යුතු නත්තල් දිනය හුදෙක් ධනෝපායනය උදෙසා මෙලෙස අවභාවිතා කිරීමට ඉඩ දිය නොහැකි බව ය.
මේ අතර හුදු නාස්තිකාර බවින් අත්මිදුණු සරල,චාම් එහෙත් අර්ථ පූර්ණ නත්තල් සැමරුමක් කෙරෙහි වත්මන් කිතුණු සමාජය තුළින් නව නැඹුරුවක් ඇති වෙමින් තිබේ.