නත්තල් සැමරුමේ දී කිතු සමිඳුන් මෙලොවට ආ දිළිඳු ගව මඩුව අමතක කරන්න එපා!

නත්තල් සැමරුමේ දී ජේසුස් වහන්සේ දිළිඳු ගව මඩුවක සතුන් මැද මෙලොවට පැමිණි බව කෙසේ වත් අමතක නොකළ යුතු බවත් උන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේත් එයම බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරු තුමෝ පවසති.

ඒ කොළඹ අග රද ගුරු නිල නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනි.උන් වහන්සේ කළ ඒ ප්‍රකාශය මෙලෙසිනි.

“හුඟක් වේලාවට අපි කෑම, බීම, ඇඳුම්, තෑගි බෝග ඒ වගේම සතුට දනවන සැරසිලි ආදිය පිළිබඳව අපි අපේ අවධානය යොමු කරනවා. අපි මේ ගව මඩුව අමතක කරනවා.

මේ ගව මඩුවක සතුන් මැද තමයි උන් වහන්සේ එදා මේ ලෝකයට ආවේ.

ඒ නිසා අපි හුඟාක් දුරට මේ නත්තල් මංගල්‍යයේ සැබෑ අර්ථය තේරුම් අරගෙන කටයුතු කළොත් මේ නත්තල අපි සාමාන්‍යයෙන් පුළුවන් තරමින් දිළඳු අසරණ අයට පිහිට වීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්නට ඕන.

අපේම විනෝදය සහ විනෝදාස්වාදය ගැන පමණක් සිතන්නෙ නැතිව අපි හුඟාක් දුරට අනන්‍යයන් ගැන සිතන්නට මේ නත්තල් මංගල්‍යය අවස්ථාවක් බවට පත් වෙනවා.

අද වගේ කාලයක අපේ රට තුළ ජීවත් වන බොහෝ දෙනෙකුට කොවිඩ් පීඩා විඳිමින් දිගටම සීමා බන්ධනවලට යටත් වෙලා ජීවත් වෙන්න වෙනවා.

තවත් අතකින් ඒ නිසා ඇති වෙච්ච ආර්ථික ව්‍යසනය තුළින් බොහෝ පවුල් පීඩාවට පත් වී රැකියාව නොමැතිව යන්න එන්ඩ තැනක් නොමැතිව අසරණ කමින් දුක්විඳිමින් ජීවත් වෙනවා.

ඒ නිසා අපිට මේ නත්තල් උත්සවය කියන එක දිළිඳු ගව හලේ ඉපදුණු ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ ගැන සමරන අපි අපිට කවදාවත් බෑ; ඒ යථාර්ථය අමතක කරලා මේ මංගල්‍ය සමරන්න.

ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ අන්න ඒකයි”.

එතෙර - මෙතෙර