ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද(09) පස්වරුවේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදී තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.එම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ.