නවක වධය දෙන මානසික රෝගීන් මානසික රෝහලකට යැවිය යුතුයි

දරුවන් අධෛර්මයත් කරන නවක වධය දීම මානසික රෝගයක්බවත් එනිසා ඒ මානසික රෝගීන් මානසික රෝහලට යැවිය යුතු බවත් නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතුත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.“අද සමහරුන් නවක වධය නිසා විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ මම 1960 ඉදන්ම නවක වධයට එරෙහිව සටන් කළා.පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. මේ දරුවන් අධෛර්මයත් කරන නවක වධය කියන්නේ මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටික අල්ලලා අපි මානසික රෝහලකට යවන්න ඕනේ. ඒ වගේම නවක වධය ගැන මීට වඩා දැඩි පියවර ගන්න ඕනේ. මම සතුටු වෙනවා දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට ඇවිත් මේ ගැන කතා කිරීම ගැන. ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් බයයි. දේශපාලනඥයිනුත් බයයි.”බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අදහස් පළ කළේය.

කාලීන පුවත්