නව අගමැති දිනේෂ් ද? විජේදාස ද?

රනිල් වික‍්‍රමසිංහ මහතා අද(21)පෙරවරුවේ නව ජනාධිපති වරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු පුරප්පාඩු වන මෙරට නව අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ අතුරින් නව අගමැති වරයා ලෙස දිනේශ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට බොහෝ විට ඉඩ ඇතැයි පැවසෙයි.මේ අතර නව සර්ව පාක්ෂික රජය ගොඩ නැඟීම පිණිස එක් වන ලෙස ජනාධිපති වරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ වලට ආරාධනා කොට ඇති අතර ඒ සඳහා පෞද්ගලික මට්ටමින් හෝ එක් වීමට මන්ත්‍රී වරුන් කිහිප දෙනකුම මේ වන විටත් කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි.

කාලීන පුවත්