නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමටත් ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කිරීමටත් නියමිතය
දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වරයා ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍ය වරයා ලෙසද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා ලෙසද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍ය වරයා ලෙසද, දිලුම් අමුණුගම ප්‍රවාහන,කර්මාන්ත අමාත්‍ය වරයා ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍ය වරයා ලෙසද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය වරයා ලෙස ද, ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය වරයා ලෙසද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය වරයා ලෙස ද,මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍ය වරයා ලෙස ද පත් කොට තිබේ.