නව ඇමති මණ්ඩලයෙන් “රාජපක්ෂ වරු” සිව් දෙනෙක් හැලෙති

නව ඇමති මණ්ඩලයෙන් රාජපක්ෂ වරු තිදෙනෙක් හැලෙති නව ඇමති මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ට ඇමති ධුර ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(04) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. මේ අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.නාමල් රාජපක්ෂ මහතාට ඔහුගේ දේශපාලන පරිනත භාවය ඉක්මවන තනතුරු ලබා දීම තුළින් ආණ්ඩු පක්ෂයේ සිටින ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් වී ඇති බවත් නූතන ජන අරගලයේ ප්‍රධාන තේමාවක් වන “රාජපක්ෂ පවුල් පාලනය” යන්න ජන මනැසින් වහා ඉවත් කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ මැති ඇමති වරුන් කිහිප දෙනකු අගමැති වරයාට පෙන්වා දී තිබේ.ඒ අනුව මින් මතු වත්මන් ආණ්ඩුවේ රාජපක්ෂ වරුන් ලෙස පෙනී සිටිනුයේ ජනාධිපති වරයා සහ අගමැති වරයා පමණි.

කාලීන පුවත්