නව කතා නායක පදවිය වෛද්‍ය නිහාල් අබේසිංහට?

එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පත්වූ නව කතානායකවරයෙක් පත්කර ගැනීමට නියමිතව තිබේ.ඒ කතානායක ධුරයෙන් අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වීම හේතුවෙනි.නව කතානායකවරයා ලෙස පත්කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලන්නේ නම් එය පැවැත්වෙනු ඇති අතර එසේ නොවන්නේ නම් නිතරගෙන් නව කතානායකවරයා පත්වීමට නියමිතව ඇත.මේ අතර නව කතා නායක ලෙස ජාතික ජනබලවේග මහ ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්