නව කොවිඩ් ප්‍රභේදය රටට පිවිසීමේ දැඩි අවදානමක්

දකුණු අප්‍රිකාවේන් පළමු වරට හමුවූ නව කොවිඩ් ප්‍රභේදය මෙරටට අතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය කියයි. මෙම කොවිඩ් ප්‍රභේදය බෝවීමේ වැඩි අවදානම හේතුවෙන් ලොව පුරා රටවල් සංචරණ සීමා සහ කොවිඩ් රෙගුලාසි දැඩිකර ඇති අතර, විදේශීය සංචාරකයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇතැම් රටවල් පියවර ගෙන ඇත.
මෙම අලුත් ප්‍රභේදයට දැන් භාවිත කරන එන්නත්වලට ඇති ඵලදායකත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතින අතර ඉතාමත් වේගයෙන් මෙම ප්‍රභේදය පැතිර යන මෙම ප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවටත් පැතිර ඒමේ අවදානම දැඩිව පවතින බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය කියයි. මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මෙම නව කොවිඩ් ප්‍රභේදය රටට ඇතුළුවීම වළකන සියළු ක්‍රියා මාර්ග රජය මේ වන විටත් ගෙන ඇති බවකි.

කාලීන පුවත්