නව ගාස්තු ලැයිස්තුව බස් රථ තුළ ප්රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ බස් ගාස්තු සංශෝධනයත් සමඟ නියමිත බස් ගාස්තුව සම්බන්ධයෙන් මගීන් සහ බස් කොන්දොස්තරවරුන් පැන නැඟී ඇති ගැටළු හා මගීන්ට සිදුවන අපහසුතා දුරලීම පිණිස සංශෝධිත නව ගාස්තු ලැයිස්තුව බස් රථ තුළ ප්රදර්ශනය කිරීම අනිවාර්යය කිරීමට තීරණය කොට ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.ඒ අනුව සියලුම බස් කොන්දොස්තරවරුන් වෙත මිල දර්ශන ලබාදීමට ද තීරණය කොට ඇති අතර එම නියමය ක්රියාත්මක නොකරන බස් කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් අදාල ක්රියා මාර්ග ගන්නා බව දජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.