නව ජනපති තෝරා ගැනීම 20 වනදා

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් ලබන 20 වන බදාදා අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අද(11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව මේ මස 15 වනදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව, ලබන 19 වනදා පාර්ලිමේන්තුව කැඳවා ඊට අදාල නාමයෝජනා කැඳවීම සිදු කෙරේ. එම තීරණය ගෙන ඇත්තේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.ඉන් පසුව 20 වන බදාදා දිනයේ පවතින නීති ප්‍රතිපාදන අනුව ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට එහිදී තීරණය කෙරුණු බව ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.මේ අතර ජනාධිපති වරයා දැනට දිවයිනෙන් බැහැරව ගොස් ඇති අතර අනිද්දා(13) නැවත දිවයින වෙත පැමිණෙන බවත් බීබීසිය සමඟ ප්‍රකාශ කළ කතානායක වරයා තමන්ට වැරදීමක් එසේ කියැවුණු බව ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්