නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා  සිය ධුරයේ දිවුරුම් දෙනලදි.

ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඔහු සිය දිවුරුම්දීම සිදු කරනලදි.

දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයින් රැසක් ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණ තිබේ.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානයක මහතා පැවසුවේ,

“මා මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා.. මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ.. මා මැජික්කරුවෙකු නොවේ.. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය වැසියෙක්.. හැකියාවන් තිබෙනවා.. නොහැකියාවන් තිබෙනවා.. දන්න දේවල් තිබෙනවා.. නොදන්න දේවල් තිබෙනවා.. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක් රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි.. ඒ නිසා ඒ සාමුහික මැදිහත්වීමේ පංගුකරුවෙකු කොටස්කරුවෙකු බවට පත්වීම තමයි මගේ වගකීම.. මෙම අර්බුදය නිමාකිරීමේදී සියළු කේෂ්ත්‍රවලට වගකීමක් තියෙනවා.. මං මේ මොහොතේ සියළු දෙනාගේ සහය අපේක්ෂා කරනවා.. මේ අභියෝගය පියවීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටුකරන බවට මම මේ සමාජෙට ඒත්තු ගන්වන්න සූදානම්.. අපේ රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.. ලොකේ කවර බෙදීම් තිබුණත් අප ඒ සහය ලබාගත යුතුයි.. අපේ රට ලෝකයෙන් හුදකලා විය යුතු රටක් නෙමෙයි.. ඒ නිසා අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ගත යුතු තීන්දු තීරණ ගන්න මම සූදානම්..”

කාලීන පුවත්