නව ත්‍රස්ත විරෝධි පනත ගැන මහජන අදහස් වලට මාසයක කාලයක්

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව ඇති නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි මැයි මාසය තුළ යෝජනා සහ අදහස් ලබාගැනීමට රජය තීරණය කර ඇතැ‍යි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව පවසන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සඳහා මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන බව ද කියා සිටියි.එමෙන්ම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කිරීමේ දී එම යෝජනා සහ අදහස් මත පදනම්ව සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍ය වරයා කියයි.

කාලීන පුවත්