නව නිදහස් අරගලය මැතිවරණයෙන් පසුවයි

රට ගොඩනගන නව නිදහස් අරගලය ආරම්භ කරනුයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව බව සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.ජාත්‍යන්තර මුල්‍ය සම්පාදන බුද්ධිමත් දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචා කාරයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් අරඹන බවද ඒ මහතා පවසයි.ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ ජන රැළියක් අමතමිනි.මෙවර රාජ්‍ය නිදහස් උළෙලට සහභාගී නොවූ සජිත් ප්‍රේමදාස මහතා හැත්තෑ පස් වන නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කොට තිබූ වෙනත් කිසිදු උත්සවයකට ද සහභාගී නොවීය.

කාලීන පුවත්