නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම අද

නව රජයේ අභිනව ඇමැති මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිත ය. නව කැබි­‍ෙනට්ටුව ඇමැතිවරු 25කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විත ය.එහිදී ඇතැම්විට විශාල අමාත්‍යාංශ තනි නියෝජ්‍ය ඇමැතිවරයකුට පාලනය කිරීමට අපහසු විය හැකි බැවින් එවැනි අවස්ථාවල නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනකු පත් කිරීම සිදු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා පවසා තිබේ.නව අමාත්‍ය මණ්ඩලයේ අගමැති තනතුර වෙනස් නොකරන අතර ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියම එම අගමැති තනතුරේ කටයුතු කරන බවත් පැවසෙයි.

කාලීන පුවත්