නව වනදා ප්‍රහාරය මහින්ද දැන ගත්තේ එදා සවසලු

නව වනදා ප්‍රහාරය මහින්ද දැන ගත්තේ එදා සවසලු පසුගිය නව වැනිදා කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල කලහකාරී සිදුවීම් ඇතිවූ බව තමන් දැනගත්තේ එදින පස්වරුවේ බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.කොළඹ විශේෂ ස්ථානයක දී මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමන් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවක් දැනුම් දීම හේතුවෙන් බව ද පැවසෙයි.එහි දී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පව්සා ඇත්තේ තමන් එවැන්නක් දැන සිටියේ නම් එය වැළැක්වීමට කටයුතු කරන බව හා එවන් සිදුවීමක් ඇති වන බව කලින් දැන සිටියේ නම් තමන් පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවකි.නමුදු ඒ මොහොතේ අරලිය ගහ මන්දිරය ඉදිරියේ පැවැති සාමකාමී උද්ඝෝෂණය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා දැන සිටි අතර අරලිය ගහ මන්දිරයේ සිටි ඔහුට එදින සවස් වන තෙක් ඒ ප්‍රහාරය පිළිබඳවවත් දැනගත නොහැකි වීම වෙනම විමසුමට ලක් කළ යුත්තකැයි ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඇතැම්හු කියති.

කාලීන පුවත්